අම්පාරේ ආසාදිතයා මියයෑමට හේතුව

ඉන්දියාවේ කොවිඩ් රෝගීන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කළු දිලීර ආසාදනයෙන් අම්පාරේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වු බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව අම්පාර දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වජිර රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, අම්පාර කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටි එම පුද්ගලයා මියගොස් ඇත්තේ මොළයේ දිලීර ආසාදනයකින් බවය.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ, විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසා සිටියේ, ඉන්දියාවේ පැතිර යන කළු දීලිර රෝගය වැලඳුනු පුද්ගලයෙක් අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වු බවය.

මේ අතර පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ආසාදිතයින් රෝහල්ගත කිරීම සඳහා ගිලන්රථ ප්‍රමාණවත් ලෙස ලබාදෙන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ, සභාපති උපුල් රෝහණ මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

“ඉහළ යමින් තිබෙන මරණ සංඛ්‍යාව පාලනය කර ගැනීම සඳහා අපි ජනතාවගෙන් ඉල්ලනවා අවදානම් කණ්ඩායම් සැක සහිතව රෝග ලක්ෂණ තිබෙනවා නම් කඩිනමින් කොට්ඨාසය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකට දැනුම් දෙන්න කටයුතු කරන්න. ඒ වගේම අපි රජයේ පාර්ශවයෙන් ඉල්ලීමක් කරනවා අපිට ක්ෂේත්‍ර මට්ටමේ සිටින රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් ගැන පැමිණි කරන අය රෝහල් ගත කිරීමට අවශ්‍ය ගිලන් රථ ප්‍රමාණවත් ලෙස ඉහළ නංවන්න. “

2020 මාර්තු 11 වනදා ආරම්භ වූ මෙරට පළමු කොවිඩ් රැල්ල දින 207 ක කාලයක් පැවැති අතර එම කාලය තුළ වාර්තා වූයේ කොවිඩ් මරණ 13ක් පමණය.

ඉන්පසු 2020 ඔක්තෝබර් මාසයෙන් ආරම්භ වූ කොවිඩ් දෙවන රැල්ල දින 193 ක් පුරා සක්‍රීය වෙද්දී එම රැල්ලේ වාර්තා වූ මරණ ගණන 591 කි.

නමුත් පසුගිය අප්‍රේල් 15 වැනිදා ආරම්භ වී තවමත් දින 39ක් වැනි කෙටි කාලයක් ගතවී තිබෙන කොවිඩ් තුන්වන රැල්ලෙන් මරණ 574 ක් වාර්තා වී තිබේ.

මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව අද වනවිට 1178 ක් දක්වා ඉහළ ගොස් ඇත.

පළමු රැල්ලේදී ඉන් වාර්තා වුණේ සියයට 1.1ක මරණ ප්‍රතිශතයකි.

දෙවන රැල්ලේ වාර්තා වූ මරණ ගණන මුළු සංඛ්‍යාවෙන් සියයට 50.1 කි.

කොවිඩ් තුන්වන රැල්ලේ එම ප්‍රතිශතය දැනට පවතින්නේ සියයට 48.7 ක් වැනි ඉහළ අගයකය.

මාසයකුත් දින 09 ක් වැනි කෙටි කාලයක් තුළ සමස්ත මරණ සංඛ්‍යාවෙන් අඩකට ආසන්න ප්‍රමාණයක්  කොවිඩ් තුන්වන රැල්ලෙන් වාර්තා වීමෙන් පෙනී යන්නේ පවතින තත්ත්වය කෙතරම් භයානකද යන්නය.

මේ අතර බදුල්ල පළාත් මහ රෝහලේ පී.සී.ආර්.පරීක්ෂණ ධාරිතාවය වැඩි කරගැනීම සඳහා ජනතාවගේ මූල්‍යධාර එක්රැස් කිරීමට සිදුව ඇතැයි රජ‍යේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

එමෙන්ම කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 5600 දෙනෙකුට ඊයේ ලබාදී ඇති අතර එහි දෙවන මාත්‍රාව ලැබූ සමස්ත පුද්ගලයින් ගණන 325,796කි.

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාගත් පුද්ගලයින් ගණන 10,412 ක් වන අතර ඒ අනුව මේ දක්වා එම එන්නතේ පළමු මාත්‍රව ලැබූ සමස්ත ගණන 511,905 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

චීන රජය විසින් ප්‍රදානයක් ලෙස මෙරටට ලබාදීමට නියමිත සයිනොෆාම් මාත්‍රා ලක්ෂ 5ක තොගය සහ  සිරින්ජර් 502,400 ක් මෙරටට ප්‍රවාහනය සඳහා බීජීං ගුවන්තොටුපොළ වෙත අද උදෑසන රැගෙනවිත් ඇතැයි චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15