අමරදේව අසපුවේ ඉදිකිරීම් අවසන් කර පවත්වාගෙන යාමට ප්‍රතිපාදන වෙන් කිරීමට අනුමැතිය

අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය (අමරදේව අසපුව) ඉදිකිරීම සඳහා බත්තරමුල්ල ”අපේගම” පරිශ්‍රයේ පර්චස් 100ක ඉඩම් කොටසක් වෙන් කර දී තිබෙනවා.

අමරදේව අසපුවේ දෙවන අදියරේ ඉතිරි වැඩ නිම කිරීම සඳහා රුපියල් මිලියන 21.745ක් ද අවසන් අදියරේ වැඩ අවසන් කිරීම සඳහා තවත් රුපියල් මිලියන 179.436ක් ද අවශ්‍ය බවට උපදේශන ආයතනය වන ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් ඇස්තමේන්තු ඉදිරිපත් කර ඇති බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී හෙළි වූයේ.

එමෙන්ම, වැඩ අවසන් කිරීමෙන් පසු කාර්යාල කටයුතු පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම පිණිස තවත් රුපියල් මිලියන 20ක් පමණ අවශ්‍ය බවත් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව, අමරදේව අසපුවේ ඉදිකිරීම් කටයුතු අවසන් කර එහි කාර්යාල කටයුතු පවත්වාගෙන යාමට හැකි වන පරිදි අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ගැනීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?