අමරදේව අසපුවේ ඉදිකිරීම් අවසන් කර පවත්වාගෙන යාමට ප්‍රතිපාදන වෙන් කිරීමට අනුමැතිය

අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය (අමරදේව අසපුව) ඉදිකිරීම සඳහා බත්තරමුල්ල ”අපේගම” පරිශ්‍රයේ පර්චස් 100ක ඉඩම් කොටසක් වෙන් කර දී තිබෙනවා.

අමරදේව අසපුවේ දෙවන අදියරේ ඉතිරි වැඩ නිම කිරීම සඳහා රුපියල් මිලියන 21.745ක් ද අවසන් අදියරේ වැඩ අවසන් කිරීම සඳහා තවත් රුපියල් මිලියන 179.436ක් ද අවශ්‍ය බවට උපදේශන ආයතනය වන ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් ඇස්තමේන්තු ඉදිරිපත් කර ඇති බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී හෙළි වූයේ.

එමෙන්ම, වැඩ අවසන් කිරීමෙන් පසු කාර්යාල කටයුතු පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම පිණිස තවත් රුපියල් මිලියන 20ක් පමණ අවශ්‍ය බවත් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව, අමරදේව අසපුවේ ඉදිකිරීම් කටයුතු අවසන් කර එහි කාර්යාල කටයුතු පවත්වාගෙන යාමට හැකි වන පරිදි අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ගැනීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

  1. පහුගිය කාලකන්නි ආන්ඩු වලින් කිසිම පියවරක් නොගත් ජාතියේ මහා ගාන්ධර්වයා වන පණ්ඩිත් අමරදේවයන්ට උපහාර පිනිස “අමරදේව අසපුව “ඉක්මනින් පිලිසකර කර දීමට ගත් පියවර පිලිබඳව මාලිමා ආන්ඩුවට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16