අමනුස්ස දෝෂය ඉවත්කර හැර ගිය පෙම්වතා ගෙන්වා දෙන බව කියා කාන්තාවක් සුද්ද කරලා – යුවළක් අත්අඩංගුවට

ශරීර ගතව ඇති අමනුස්ස දෝෂයක් ඉවත් කර හැර ගොස් ඇති පෙම්වතා නැවත ගෙන්වා දෙන බව පවසා මුදල් සහ රන් ආභරණ වංචා කළ බව කියන යුවළක් මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි යුවළක් බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු පිරිමි පුද්ගලයා වයස අවුරුදු 25ක තැනැත්තෙක් වන අතර, ඔහුගේ බිරිඳ අවුරුදු 32ක තැනැත්තියක්.

සැකකරු සහ සැකකාරිය ඉබ්බාගමුව ප්‍රදේශයේ දේවාලයක් පවත්වා ගෙන යන පුද්ගලයෙකුගේ දියණිය සහ බෑණා බවයි පොලිසිය සඳහන් කළේ.

නාත්තන්ඩිය, වලහාපිටිය ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි කාන්තාවක් මැදපෙරදිග රටක කලක් සේවය කරමින් සිටිය දී එරට සිටි
මෙරට තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

අවිවාහක එම කාන්තාව සහ තරුණයා මෙරටට් පැමිණීමෙන් අනතුරුව ද එම ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෑතකදී පෙම්වතා තමන්ව හැර යෑමට සැරසෙන බව තේරුම් ගෙන ඇති අදාළ කාන්තාව ඊට හේතුව සොයන්නට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේදී ඇයට ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි දේවාලයක් පවත්වා ගෙන යන පුද්ගලයෙක් හමුවී ඇති අතර, එහිදී අදාළ පුද්ගලයා පවසා ඇත්තේ කාන්තාවගේ සිරුරට අමනුස්ස දෝෂයක් ඇතුළු වී ඇති බවයි.

සියල්ලට හේතුව එය බවත් එම පුද්ගලයා කාන්තාවට පවසා තිබෙනවා.

ශරීර ගතවී ඇති එම අමනුස්ස දෝෂය ඉවත් කිරීම සදහා රුපියල් ලක්ෂ 26 ක මුදලක් අවශ්‍ය බව අදාළ පුද්ගල්ලයා කාන්තාවට පවසා ඇති අතර, ඒ වෙනුවෙන් ඇය විසින් ඔහුට වරින් වර රුපියල් ලක්ෂ 16 ක මුදලක් ලබා දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම මුදල ඇය බැංකු ගත කර ඇත්තේ දේවාලය පවත්වාගෙන ගිය පුද්ගලයාගේ බෑණාගේ බැංකු ගිණුමකට බවයි පොලිසිය හෙළිකරගෙන ඇත්තේ.

ඊට අමතරව කාන්තාව සතුව තිබූ රන් ආභරණ ද ජීවම් කළ යුතු බවට පවසා ඇය සතුව තිබූ රුපියල් ලක්ෂ 11ක් පමණ වටිනා රන් ආභරණ ද සැකකරුවන් විසින් ලබාගෙන තිබෙනවා.

සිද්ධියට මුහුණ දී ඇති කාන්තාව විසින් අදාළ කටයුත්ත සඳහා ලබාදීමට තිබූ ඉතිරි මුදල ලබාගැනීම සඳහා සැකකාර යුවළ පැමිණ සිටි අවස්ථාවේ දී ඒ පිළිබදව සැක සිතූ අසල්වැසි කාන්තාවක් විසින් ලබා දී තිබූ තොරතුකට අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සහ සැකකාරියගෙන් ප්‍රශ්ණ කිරීමේදී රන් ආභරණ උගක් කළ රිසිට් පත් කීපයක් සහ මුදල්ද පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

සැකකරු සහ සැකකාරිය මාරවිල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 25 වනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56