පසුගිය 26 වැනිදා අලුයම වනවාසල පොසොන්වත්ත ප්‍රදේශයෙන් හමුවූ මළ සිරුර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන්‍වලදී කරුණු රැසක් අනාවරණය කර ගැනීමට පොලීසිය සමත්වී තිබේ.
මියගොස් තිබුණේ අලුත්කඩේ පදිංචිකරුවෙක් වන මොහොමඩ් ඉර්ෂාඩ් නැමැති 40 හැවිරිදි පුද්ගලයෙකි.
මුදල් ආරවුලක් නිසා මිතුරන් පිරිසක් විසින් ඔහුව පැහැරගෙන ගොස් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී සිදුකළ පහරදීමකින් ඔහු මියගොස් ඇති බව පොලීසිය පැවසීය.
ඔහුව ඝාතනය කර වනවාසල පොසොන්වත්ත ප්‍රදේශයට මෝටර් රථයකින් ගෙනැවිත් දමන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් පොලීසිය (05) මාධ්‍යයට නිකුත් කළේය.
සිද්ධියට අදාළව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරි විමර්ශන පෑලියගොඩ අපරාධ අංශය හා කැලණිය කොට්ඨාස අපරාධ අංශය මගින් ක්‍රියාත්මක කෙරේ.













