අභිනව නිවහල් පෙරමුණේ නායක අමිත් වීරසිංහට සහ බිරියට ඇප

අභිනව නිවහල් පෙරමුණ පක්ෂ නායක අමිත් වීරසිංහට සහා ඔහුගේ බිරිද වන බවන්ති කෞෂල්‍යයාට අයත් සමාගමක දිගන සහා ඇල්ල ප්‍රදේශයේ ව්‍යාපෘති වලට අදාලළව පාරිභෝගිකයින්ගෙන් ලද පැමිණිලි සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිසිය විසින් විමර්ශමයක් ආරම්භ කර තිබුණා.

ඒ අනුව එම විමර්ශනයට අදාළව තෙල්දෙණිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් අමිත් වීරසිංහ සහ ඔහුගේ බිරිද වන බවන්ති කෞෂල්‍යයාව තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

මේ අතර මෙම නඩුව ඊයේ (01) දින කැඳවූ අවස්ථාවේ දී ඔහුන්ව ඇප මත මුදා හරින ලෙස තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කළා.

එහිදි තෙල්දෙණිය අධිකරණයේදි සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරුන් සඳහන් කළේ පොලිසිය විසින් සමාජ ගත කළ පුවත් දැකීමෙන් අනතුරුව පාරිභෝගිකයන් මෙලෙස බිය වෙමින් කලබල වී පොලිසියට පැමිණිලි කර ඇති බවයි.

එමෙන්ම එම සමාගම සහ පාරිභෝගිකයන් විසින් ඇති කරගන්නා ලද ගිවිසුම් වල පැහැදිලිවම පාරිභෝගිකයන්ට ඕනෑම ව්‍යාපෘතියකින් ඉවත් වී සමාගමෙන් මුදල් ලබා ගත හැකි බවට නිතිඥවරුන් කරුණු සඳහන් කළා.

සැකකාර අමිත් වීරසිංහ ඇප ලබා ගැනිමෙන් පසුව මාධ්‍යට ප්‍රකාශ කළේ “පොලිසිය විසින් තමන් සමග දේශපාලනික පුද්ගලික වෛරයක් නිසා ⁣තම සමාගමේ කීර්ති නාමය කෙළෙසමින් කටයුතු කරන” බවයි.

පොලිසිය විසින් මාධ්‍ය වෙත විකෘති පුවත් ලබා දෙමින් පාරිභෝගිකයන් නොසන්සුන්කර, ව්‍යාජ මහජන කැළඹීමක් මවා පාමින් තමන් සහා සිය බිරිද අත්අඩංගුවට ගන්නට කටයුතු කළ බවත් අමිත් වීරසිංහ සඳහන් කළා.

තම සමාගම සතු ඕනෑම ව්‍යාපෘතියකින් ඉවත් වීමට පාරිභෝගිකයන් ලිපියක් මගින් සමාගම දැනුවත් කිරිම පමණක් ප්‍රමාණවත් බවත්, එහිදි සමාගම් දේපල නැවත සමාගමට පවරා තම මුදල් නැවත පාරිභෝගිකයන්ට ලබා ගත හැකි බවත් ඔහු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිග්ගල පාරේ ලඳු කැලෑවකින් දුම් බෝම්බ දෙකක් සොයා ග‍යි - පානදුර සලිත වෙයි
00:27
Video thumbnail
මනුස්සයෙක් වේදිකාවේ ඉදලා සජිත් වෙනුවෙන් ගැයූ කවි - "තාත්තට එහා දෙයක් කරන්න හදන පුතෙක්"
02:57
Video thumbnail
ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න ගිය සජිත්ට මිනිස්සුන්ගේ ලැබුණු ආදරය - "මම පාර්ලිමේන්තුවේ කතා කරන්නම්"
02:00
Video thumbnail
S.M. චන්ද්‍රසේන අධිකරණයට ඇවිත් කිව්ව දේ - "විශාල අසාධාරණකම් වෙමින් තියෙන්නේ"
03:01
Video thumbnail
පුටු චුට්ටක් එහෙට මෙහෙට මාරුවෙයි..කවුරුවත් කලබල වෙන්න එපා - ජනපති අනුර කිව්ව අමුතු කතාව
01:33
Video thumbnail
අවුරුදු ගාණක් තම පවුල නඩත්තු කළ එළදෙනගේ අහිමිවීම කොහොම දරාගන්නද ?බලන්නකෝ ඒ ආදරය
02:45
Video thumbnail
එළදෙන බේරගන්න ගිය ලොරි රථය කාර් රථයක වැදී බිහිසුණු අනතුරක් - එළදෙන එතනම එළොව ගිහින්
03:39
Video thumbnail
Pop Culture Festival වෙනුවෙන් ලෝක ප්‍රසිද්ධ Alan Walker දිවයිනට ආපු හැටි
00:24
Video thumbnail
'නවෝදයාපුරම්' නිවාස ව්‍යාපෘතිය ජනපති සුරතින් ජනතා අයිතියට"ලස්සන ජීවිතයක් දුන්නට අනුර මාමාට ස්තූතියි"
02:10
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44