ප්‍රවීන රංගන ශිල්පිනි මාලනී ෆොන්සේකාගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවකට (වීඩියෝ)

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත වූ ප්‍රවීන රංගන ශිල්පිනි මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක් වෙත මේ වනවිට රැගෙන ගොස් තිබෙනවා.

කලක් රෝගාතුරව සිටි ඇය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත වුනේ අද (24) අලුයමයි.

මිය යනවිට ඇය 78 වන වියෙහි පසු වුණා.

1947 වසරේ අප්‍රේල් 30 වනදා කැලණියේ දී උපන් මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා වේදිකා නාට්‍ය හරහා සිය කලා ගමන ආරම්භ කළා.

දශක පහකට අධික කාලයක් ශ්‍රී ලාංකීය කලාව පෝෂණය කළ ඇය සැලකෙන්නේ හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙසයි.

සිරිපාල සහ රන්මැණිකා, බඹරු ඇවිත්, කස්තුරි සුවඳ, තුෂාරා , ආවා සොයා ආදරේ ඇතුළු චිත්‍රපට 150ක පමණ සිය රංගන කෞෂල්‍ය විදහා දැක්වුවා.

සිය රංගන ප්‍රතිභාවය වෙනුවෙන් දේශීය සහ විදේශීය සම්මාන ගණනාවකින් පිදුම් ලැබූ මාලනී ෆොන්සේකා අවසන් වරට සිය රංගනයෙන් දායකවූයේ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ආකාස කුසුම් චිත්‍රපටයටයි.

එමෙන්ම ඇය 2010 වසරේ සිට 2015 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස ද කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37