අභයාරාමයේ සිද්ධිය ගැන සෞඛ්‍ය ඇමැති කියූ කතාව

ඊයේ (29) නාරාහේන්පිට පිහිටි අභයාරාම විහාරයේදී සිදුවූ සිදුවීම, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද වැඩසටහනක් හෝ අනුදැනුම ඇතිව සිදුකරන ලද වැඩසටහනක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා.

ඊයේ (29) දිනයේ පෙරවරුවේ සිට ජනතාව නාරාහේන්පිට අභයාරාම විහාරයේදී ඒකරාශි වී සිටි බව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දැනගන්නට ලැබුණු අතර මෙම තත්ත්වය කොවිඩ් මර්දන වැඩපිළිවෙලට ඉමහත් බාධාවක් වන බැවින් අභයාරාමාධිපති ස්වාමීන්වහන්සේගේ ඉල්ලීම පරිදි සවස 5.00 පමණ වනවිට එහි රැස් වූ සුළු පිරිසකට ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබා දීමට කටයුතු කළබවයි නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ “ඊයේ දිනයේදී අභයාරාමයේදී ඇති වූ සිද්ධිය ගැන අපි කණගාටුවට පත්වෙනවා.විශේෂයෙන්ම එම වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුදැනුම ඇතිව සිදුකරන ලද්දක් නෙවෙයි….”

කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම සදහා ඊයේ දිනයේදී නාරාහේන්පිට අභයාරාමය වෙත විශාල පිරිසක් රැස්ව සිටි අතර රැස්ව සිටි පිරිස අතර නොසන්සුන්කාරී තත්වයක් හටගත්තා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත චෝදනාවක්ද එල්ල කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?