අභයාරාමයේ සිද්ධිය ගැන සෞඛ්‍ය ඇමැති කියූ කතාව

ඊයේ (29) නාරාහේන්පිට පිහිටි අභයාරාම විහාරයේදී සිදුවූ සිදුවීම, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද වැඩසටහනක් හෝ අනුදැනුම ඇතිව සිදුකරන ලද වැඩසටහනක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා.

ඊයේ (29) දිනයේ පෙරවරුවේ සිට ජනතාව නාරාහේන්පිට අභයාරාම විහාරයේදී ඒකරාශි වී සිටි බව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දැනගන්නට ලැබුණු අතර මෙම තත්ත්වය කොවිඩ් මර්දන වැඩපිළිවෙලට ඉමහත් බාධාවක් වන බැවින් අභයාරාමාධිපති ස්වාමීන්වහන්සේගේ ඉල්ලීම පරිදි සවස 5.00 පමණ වනවිට එහි රැස් වූ සුළු පිරිසකට ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබා දීමට කටයුතු කළබවයි නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ “ඊයේ දිනයේදී අභයාරාමයේදී ඇති වූ සිද්ධිය ගැන අපි කණගාටුවට පත්වෙනවා.විශේෂයෙන්ම එම වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුදැනුම ඇතිව සිදුකරන ලද්දක් නෙවෙයි….”

කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම සදහා ඊයේ දිනයේදී නාරාහේන්පිට අභයාරාමය වෙත විශාල පිරිසක් රැස්ව සිටි අතර රැස්ව සිටි පිරිස අතර නොසන්සුන්කාරී තත්වයක් හටගත්තා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත චෝදනාවක්ද එල්ල කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34