අබුඩාබි T10 පිටියේ මැතිව්ස්ගෙන් කඩුලු ත්‍රිත්වයක් (වීඩියෝ)

අබුඩාබි T10 තරගාවලිය ඊයේ (28) අබුඩාබි හිදී ආරම්භ වුණා.

තරගාවලියේ දෙවන තරගයේදීම පන්දුවෙන් විශ්ෂ්ඨ දක්ෂතා දක්වන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සමත් වුණේ කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරමින්.

සෑම්ප් ආමි කණ්ඩායම එරෙහිව පැවති තරගයේ දී මැතිව්ස් මෙම දක්ෂතාව දැක්වීමට සමත් වුණා.

නොර්තන් වෝරියස් සහ සෑම්ප් ආමි අතර මෙම තරගය පැවති අතර, එහිදී පළමුව පන්දුවට පහර දුන් නොර්තන් වෝරියස් පිළ නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 05ක් දැවී 103ක් රැස් කළා.

අනතුරුව ලකුණු 104ක ඉලක්කයක් හඹා ගිය සෑම්ප් ආමි කණ්ඩායමට නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 08ක් දැවී රැස් කරගත්තේ ලකුණු 98ක් පමණයි.

එහිදී සෑම්ප් ආමි ඉනිමේ අවසන් පන්දුවාරය යැවීමේ වගකීම භාරගත් නොර්තන් වෝරියස් නායක ඇන්ජලෝ මැතිව්ස් කඩුලු ත්‍රිත්වයක් එම පන්දුවාරය තුළ දවාගත්තා.

මෙහිදී කයිස් අහමඩ්, බැසිල් හමීඩ් සහ මොයින් අලී යන පිතිකරුවන් මැතිව්ස්ගේ කඩුලු ත්‍රිත්වයේ ගොඳුරු බවට පත් වුණා.

මෙම තරගයේ දී පන්දුවාර 02ක් යවා ලකුණු 19කට කඩුලු 03ක් බිඳ දමන්නට ඇන්ජලෝ මැතිව්ස්ට හැකියාව හිමිවුණා.

ඒ, අනුව මෙම තරගය ලකුණු 09කින් ජයගන්නට නොර්තන් වෝරියස් කණ්ඩායම හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
5
+1
4
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22