අබුඩාබි T10 පිටියේ මැතිව්ස්ගෙන් කඩුලු ත්‍රිත්වයක් (වීඩියෝ)

අබුඩාබි T10 තරගාවලිය ඊයේ (28) අබුඩාබි හිදී ආරම්භ වුණා.

තරගාවලියේ දෙවන තරගයේදීම පන්දුවෙන් විශ්ෂ්ඨ දක්ෂතා දක්වන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සමත් වුණේ කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරමින්.

සෑම්ප් ආමි කණ්ඩායම එරෙහිව පැවති තරගයේ දී මැතිව්ස් මෙම දක්ෂතාව දැක්වීමට සමත් වුණා.

නොර්තන් වෝරියස් සහ සෑම්ප් ආමි අතර මෙම තරගය පැවති අතර, එහිදී පළමුව පන්දුවට පහර දුන් නොර්තන් වෝරියස් පිළ නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 05ක් දැවී 103ක් රැස් කළා.

අනතුරුව ලකුණු 104ක ඉලක්කයක් හඹා ගිය සෑම්ප් ආමි කණ්ඩායමට නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 08ක් දැවී රැස් කරගත්තේ ලකුණු 98ක් පමණයි.

එහිදී සෑම්ප් ආමි ඉනිමේ අවසන් පන්දුවාරය යැවීමේ වගකීම භාරගත් නොර්තන් වෝරියස් නායක ඇන්ජලෝ මැතිව්ස් කඩුලු ත්‍රිත්වයක් එම පන්දුවාරය තුළ දවාගත්තා.

මෙහිදී කයිස් අහමඩ්, බැසිල් හමීඩ් සහ මොයින් අලී යන පිතිකරුවන් මැතිව්ස්ගේ කඩුලු ත්‍රිත්වයේ ගොඳුරු බවට පත් වුණා.

මෙම තරගයේ දී පන්දුවාර 02ක් යවා ලකුණු 19කට කඩුලු 03ක් බිඳ දමන්නට ඇන්ජලෝ මැතිව්ස්ට හැකියාව හිමිවුණා.

ඒ, අනුව මෙම තරගය ලකුණු 09කින් ජයගන්නට නොර්තන් වෝරියස් කණ්ඩායම හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
5
+1
4
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?