spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

සංචාරක වීසා බලපත්‍ර යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට (UAE) පැමිණ වීසා අවලංගු වී අපහසුතාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයන්ට අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව තානාපති කාර්යාලය විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදී ඇති අතර එය අමතා තොතුරු ලබාදී ලියාපදිංචි වන ලෙසටයි දැනුම්දී ඇත්තේ.

මේ අනුව සංචාරක වීසා බලපත්‍ර මත සිටින සහ වීසා අවලංගු කර ඇති හෝ ආපසු මව් රට බලා යාමට නොහැකි වූ ශ්‍රී ලාංකිකයන් උපකාර සඳහා තානාපති කාර්යාලය අමතන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

+97126316444 / +97126346481 යන දුරකථන අංක ඔස්සේ අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තම තොරතුරු ලියාපදිංචි කරන ලෙස තානාපති කාර්යාලය අපහසුතාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දී ඇති අතර 2023 ජනවාරි 13 හෝ ඊට පෙර ඔවුන්ගේ තොරතුරු ලියාපදිංචි කරන ලෙසටයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අදාළ ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ.

EMbassy
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?