අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

කැකිරාව – ඔළුකරඳ ප්‍රදේශයේ ව්‍යාපාරික ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් වහලය මත තිබී අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (29) රාත්‍රියේ සොයගෙන තිබෙනවා.

කැකිරාව පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සිදු කළ සෝදිසියක දී එම මළ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කලකට පෙර වසා දැමූ ව්‍යාපාරික ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් වහලය මත තිබී මෙම මළ සිරුර සොයා ගත් බවයි පොලීසිය සඳහන් කරන්නේ.

එම මළ සිරුර සොයා ගන්නා ලද අවස්ථාවේ දී පැවැති තත්ත්වය අනුව අදාළ පුද්ගලයා මීට දින කිහිපයකට ඉහත දී මිය යන්න ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ කැකිරාව ඔළුකරඳ ප්‍රදේශයේම පදිංචි 44 හැවිරිදි කරවිටගම උඩවත්තේ අමිල ප්‍රියදර්ශන නමැති විවාහක පුද්ගලයෙක්.

මොහු දින කිහිපයක සිට අතුරුදහන් වී ඇති අතර ඔහුගේ මළ සිරුර ඔහු පදිංචි නිවසේ සිට මීටර් 500ක පමණ දුරකින් සොයාගෙන තිබෙනවා.

මෙය සිය දිවි නසා ගැනීමක් ද ස්වාභාවික මරණයක් ද නැතහොත් ඝාතනයක් ද යන්න පොලීසිය මෙතෙක් නිශ්චිතව අනාවරණය කරගෙන නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර, අනුරාධපුර උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග අනුව කැකිරාව පොලිස් ස්ථානය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?