අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

කැකිරාව – ඔළුකරඳ ප්‍රදේශයේ ව්‍යාපාරික ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් වහලය මත තිබී අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (29) රාත්‍රියේ සොයගෙන තිබෙනවා.

කැකිරාව පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සිදු කළ සෝදිසියක දී එම මළ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කලකට පෙර වසා දැමූ ව්‍යාපාරික ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් වහලය මත තිබී මෙම මළ සිරුර සොයා ගත් බවයි පොලීසිය සඳහන් කරන්නේ.

එම මළ සිරුර සොයා ගන්නා ලද අවස්ථාවේ දී පැවැති තත්ත්වය අනුව අදාළ පුද්ගලයා මීට දින කිහිපයකට ඉහත දී මිය යන්න ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ කැකිරාව ඔළුකරඳ ප්‍රදේශයේම පදිංචි 44 හැවිරිදි කරවිටගම උඩවත්තේ අමිල ප්‍රියදර්ශන නමැති විවාහක පුද්ගලයෙක්.

මොහු දින කිහිපයක සිට අතුරුදහන් වී ඇති අතර ඔහුගේ මළ සිරුර ඔහු පදිංචි නිවසේ සිට මීටර් 500ක පමණ දුරකින් සොයාගෙන තිබෙනවා.

මෙය සිය දිවි නසා ගැනීමක් ද ස්වාභාවික මරණයක් ද නැතහොත් ඝාතනයක් ද යන්න පොලීසිය මෙතෙක් නිශ්චිතව අනාවරණය කරගෙන නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර, අනුරාධපුර උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග අනුව කැකිරාව පොලිස් ස්ථානය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32