අබිරහස් ලෙස කඳු මුදුනේ මියගොස් සිටි කාන්තාවගේ අතේ තිබූ පච්චයක් ගැන පොලිස් ඇස

තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කඳු වැටියේ තිබී හමු වූ නාඳුනන කාන්තා මළ සිරුරේ පශ්චාත් මරණ පරික්ෂණය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සංජය විරසේකර මහතා විසින් සිදු කර තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා මියගිය කාන්තාවගේ ශරීර කොටස් තවදුරටත් පරීක්ෂා කළ යුතු බැවින් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සති තුනකින් නිකුත් කරන බවටයි ප්‍රකාශ කර ඇත්තේ.

මිය ගොස් ඇති කාන්තාව වයස අවුරුදු 40ත් 45ත් අතර වයසේ පසුවන අතර ඇයගේ වම් අතේ මදුසංක යනුවෙන් පච්චයක් කොටා ඇති බව මරණ පරීක්ෂණයේදි හෙළිවී තිබෙනවා.

පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මියගිය කාන්තාව පිළිබඳ තොරතුරු වෙතොත් ලිඳුල පොලිසිය වෙත ලබාදෙන ලෙසටයි.

එමෙන්ම කාන්තාවගේ මළ සිරුර හමු වූ ග්‍රේට් වෙස්ටර්න් කඳු වැටියට පහළින් තවදුරටත් පුළුල් විමර්ශනයක් සිදු කරන බව ලිඳුල පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

ග්‍රේට් වෙස්ටර්න් කඳු වැටියේ කඳවුරු බැඳීම සඳහා පැමිණි පිරිසක් විසින් කාන්තා මළ සිරුරක් කඳු මුදුනේ ඇති බවට තලවකැලේ පොලිසිය වෙත ලබාදුන් තොරතුරක් මතයි පොලිසිය විසින් සිරුර සොයා ගනු ලැබුවේ.

කඳු වැටියේ තිබී අබිරහස් ලෙස මියගොස් සිටි නාඳුනන කාන්තාවකගේ මළ සිරුරක් හමු වීමත් සමග ග්‍රේට් වෙස්ටර්න් රක්ෂිතයට ඇතුල් වීම සහ කඳු මුදුනේ කඳවුරු බැදිම තහනම් කරන ලෙසට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලඩබ මහතා වනජීවී සහ වන සංරක්ෂණ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඊයේ මෙම කාන්තාවගේ සිරුර රැගෙන ඒමට ගිය යුද හමුදා කෝප්‍රල්වරයෙක් රක්ෂිත තුලදී ජිවිතක්ෂයට පත්වී තිබුණා.

මෙම යුද හමුදා කෝප්‍රල්වරයා හදිසියේ ඇති වු රෝගී තත්ත්වයක් හේතුවෙන් රක්ෂිතය තුලදී ජීවිතක්ෂයට පත් වූ බවයි ලිඳුල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සිසිර කුමාර මහතා සඳහන් කළේ.

කිසියම් පිරිසක් සමග හෝ පුද්ගලයෙකු සමග පැමිණි මෙම කාන්තාව ජීවිතක්ෂයට පත් වීමෙන් පසු ඒ පිළිබඳ පොලිසියට වාර්තා නොකර ඔවුන් පළා ගොස් ඇති බවටයි සැක කෙරෙන්නේ.

එම පුද්ගලයන් හෝ පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු වෙතොත් ඒ සම්බන්ධයෙන් ලිඳුල පොලිසියට දැනුම් දෙන ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

එමෙන්ම මියගිය කාන්තාවගේ ඥාතින් වෙතොත් ලිඳුල පොලිසිය වෙත පැමිණෙන ලෙසට පොලිසියේ ස්ථානාධිපතිවරයා දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
5
+1
4
+1
9
+1
24
+1
6
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21
Video thumbnail
වාහනයෙන් ගිය හරිනිට විමල් ඇතුළු සෙට් එක හූ..කියයි
00:33
Video thumbnail
සත්‍යග්‍රහයට ආ අපිලාගේ සාදුගෙන් අධ්‍යාපන ලේකම්ට සැර සත්තමක්.."මේකා හරිනිට කඩේ යනවා"
06:36
Video thumbnail
විමල්ගේ සහයට තවත් ප්‍රබලයෙක් එකතුවෙයි
04:04


?