AFC Banner
Empty Ad
Empty Ad

ජනතා අරගලය ගැන ප්‍රවීන රංගන ශිල්පී රවින්ද්‍ර රන්දෙනිය තැබූ සටහන

සිංහල සිනමාවේ දැවැන්ත චරිතයක් වන රවින්ද්‍ර රන්දෙනිය වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම වෙනුවෙන් වෙහෙසවී කටයුතු කළ අයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන සිනමා තරුවක්.

මේ වන විට රටේ ඇතිවී තිබෙන තත්ත්වය සමග රවින්ද්‍ර රන්දෙනිය සිය බිරිඳ වන ප්‍රීති රන්දෙනිය ගේ මුහුණු පොත හරහා සටහනක් තබා තිබෙනවා.

මේ එම සටහනයි..

අපි බලපොරොත්තු තැබූයෙමු. එහෙත් ඒ බලාපොරොත්තු බොඳ විණි. රට දිනෙන් දින අර්බුදයෙන් අර්බුදයට ඇද වැටිණි.

මේ අර්බුදයෙන් රට ගොඩ ගන්නට පාලකයන් සතුව සැලසුමක් හෝ දුර දැක්මක් නොවිණි. ඔවුන් අනුගමනය කළේ පරිහානියේ පිළිවෙත් මිස අපරිහානියේ පිළිවෙත් නොවේ..

රටත් ජනතාවත් දිනෙන් දින පීඩාවට පත්විණි. විපතට පත්විණි. ඉවසා සිටින්නට බැරි තැන ජන අරගලය පැන නැගිණි.

දුක් පීඩා නැති, සුපිළිපන් දේශයක් වෙනුවෙන්, අවිහිංසාව සහ ආදරය පැතිරුණු සකලවිධ ⁣⁣භේදවලින් තොර රටක් වෙනුවෙන් නැගුණු ජනතා හඬ සමග අපිදු නැගී සිටිමු. ජන හඬට එක්වෙමු. අරගලයට සහය දෙමු .

  • රවීන්ද්‍ර රන්දෙනිය
image 41
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
85
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?