ජනතා අරගලය ගැන ප්‍රවීන රංගන ශිල්පී රවින්ද්‍ර රන්දෙනිය තැබූ සටහන

සිංහල සිනමාවේ දැවැන්ත චරිතයක් වන රවින්ද්‍ර රන්දෙනිය වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම වෙනුවෙන් වෙහෙසවී කටයුතු කළ අයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන සිනමා තරුවක්.

මේ වන විට රටේ ඇතිවී තිබෙන තත්ත්වය සමග රවින්ද්‍ර රන්දෙනිය සිය බිරිඳ වන ප්‍රීති රන්දෙනිය ගේ මුහුණු පොත හරහා සටහනක් තබා තිබෙනවා.

මේ එම සටහනයි..

අපි බලපොරොත්තු තැබූයෙමු. එහෙත් ඒ බලාපොරොත්තු බොඳ විණි. රට දිනෙන් දින අර්බුදයෙන් අර්බුදයට ඇද වැටිණි.

මේ අර්බුදයෙන් රට ගොඩ ගන්නට පාලකයන් සතුව සැලසුමක් හෝ දුර දැක්මක් නොවිණි. ඔවුන් අනුගමනය කළේ පරිහානියේ පිළිවෙත් මිස අපරිහානියේ පිළිවෙත් නොවේ..

රටත් ජනතාවත් දිනෙන් දින පීඩාවට පත්විණි. විපතට පත්විණි. ඉවසා සිටින්නට බැරි තැන ජන අරගලය පැන නැගිණි.

දුක් පීඩා නැති, සුපිළිපන් දේශයක් වෙනුවෙන්, අවිහිංසාව සහ ආදරය පැතිරුණු සකලවිධ ⁣⁣භේදවලින් තොර රටක් වෙනුවෙන් නැගුණු ජනතා හඬ සමග අපිදු නැගී සිටිමු. ජන හඬට එක්වෙමු. අරගලයට සහය දෙමු .

  • රවීන්ද්‍ර රන්දෙනිය
image 41
  1. ටිකක් හරි ඔළුවක් තියෙන උන්ට තේරුනදේ තොපි වගේ කෛරාටිකයන්ට නොතේරුනා වෙන්න බැහැ. උඹලගෙ වැල් බයිලා අලුත් පරම්පරාවනම් අහන එකක් නැහැ. ඇත්තටම තොපි රැවටුනා නම්, මොන්ටිසෝරි ගිහින් දේශපාලනය නැවත පටන් ගනිල්ලා. මේරට බංකොලොත් කිරීමේ අපරාධයට තොපි හරි හරියට වග කිව යුතුයි. රඟපෑමෙන් ලබා ගත් ලාබ ජනප්‍රියත්වය ගණිකා වෘත්තියේ යෙදවීමෙන් දේශපාලනයට පැමිණි තොපි දැන්වත් නහින දෙහින කාලෙට පිනක් දහමක් කරගෙන ගෙදර හිටපියවු.