අපි බලන් ඉන්නකොට සිංහරාජේ කැළේ කපනවා.

ලෝක උරුමයක්ව පවතින සිංහරාජ වැසි වනාන්තරයට මේ වන විට දැවැන්ත පාරිසරික විනාශයක් වෙමින් පවතින බවට ‘සිරස ලක්ෂපති’ වැඩසටහනට සහභාගී වූ භාග්‍යා අබේරත්න මෙනෙවිය පවසනවා.

ඇය පවසන්නේ සිංහරාජ වනාන්තරය තුළ ගැමියන් බලාසිටියදී දැවැන්ත වන විනාශයක් සිදුවුවද ඒ සම්බන්දයෙන් සියලු දෙනාම නිහඩව කටයුතු කරන බවයි.

“මං සිංහරාජේ, සිංහරාජ මායිමේ තමයි මගේ ගෙවල් තියෙන්නේ. ඉතිං උදේ හමස යද්දි ඇස් පනාපිට සිංහරාජ කැළේ එළිවෙනවා බලන් ඉන්න වෙලා තියෙනවා අපිට. සිංහරාජේ අලි තුන් දෙනෙක් ඉන්නවා. ඒ අලි සැරිසරණ අලිමංකඩ කියන ප්‍රදේශයත් මේ මොහොත වෙද්දිත් එළිවෙනවා. ඒ පැත්තේ හෝටලයක් හදනවා. කළු වඳුරෝ ඉන්නවා. එයාලා දැන් වඳ වේගෙන යනවා. අලි තුන්දෙනාගෙන් දැන් දෙන්නයි ඉන්නේ. අපි ගස් කොලන් විනාශ කරනවා කියන්නේ කවුරුහරි ඇවිත් අපේ ගෙදර කඩලා දැම්මා වගේ වැඩක්. අපි පාරේ බස් එකේ යද්දිත් පේනවා ගස් කපනවා. මිනිස්සු දැක්කේ නැහැ වගේ ඉන්නවා. රටම දන්නවා මේ ගැන. මිනිස්සු කටවහන් ඉන්නවා. ධනය හා බලය තියෙනවා නම් දැන් ලංකාවේ වැඩ්ඩෙක් වෙන එක මහ ලොකු දෙයක් නෙවෙයි. මේක කියලා මට ගමට යන්න බැරිවෙයි. ඒත් මේ ටික කියන්නමයි මං වැඩසටහනට ආවේ. අපි අපේ ගමට ආදරෙයි. මට ධනය බලය තිබ්බනම් ගෙදරින් මට අවසර දෙනවා නම් දැන් වුනත් මේ විනාශය නතර කරන්න පාරට බහින්න මං කැමතියි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් යන පා ගමන - සංඝ රත්නය සමඟ මහ සෙනඟක් එයි
03:17
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07