අපි බලන් ඉන්නකොට සිංහරාජේ කැළේ කපනවා.

ලෝක උරුමයක්ව පවතින සිංහරාජ වැසි වනාන්තරයට මේ වන විට දැවැන්ත පාරිසරික විනාශයක් වෙමින් පවතින බවට ‘සිරස ලක්ෂපති’ වැඩසටහනට සහභාගී වූ භාග්‍යා අබේරත්න මෙනෙවිය පවසනවා.

ඇය පවසන්නේ සිංහරාජ වනාන්තරය තුළ ගැමියන් බලාසිටියදී දැවැන්ත වන විනාශයක් සිදුවුවද ඒ සම්බන්දයෙන් සියලු දෙනාම නිහඩව කටයුතු කරන බවයි.

“මං සිංහරාජේ, සිංහරාජ මායිමේ තමයි මගේ ගෙවල් තියෙන්නේ. ඉතිං උදේ හමස යද්දි ඇස් පනාපිට සිංහරාජ කැළේ එළිවෙනවා බලන් ඉන්න වෙලා තියෙනවා අපිට. සිංහරාජේ අලි තුන් දෙනෙක් ඉන්නවා. ඒ අලි සැරිසරණ අලිමංකඩ කියන ප්‍රදේශයත් මේ මොහොත වෙද්දිත් එළිවෙනවා. ඒ පැත්තේ හෝටලයක් හදනවා. කළු වඳුරෝ ඉන්නවා. එයාලා දැන් වඳ වේගෙන යනවා. අලි තුන්දෙනාගෙන් දැන් දෙන්නයි ඉන්නේ. අපි ගස් කොලන් විනාශ කරනවා කියන්නේ කවුරුහරි ඇවිත් අපේ ගෙදර කඩලා දැම්මා වගේ වැඩක්. අපි පාරේ බස් එකේ යද්දිත් පේනවා ගස් කපනවා. මිනිස්සු දැක්කේ නැහැ වගේ ඉන්නවා. රටම දන්නවා මේ ගැන. මිනිස්සු කටවහන් ඉන්නවා. ධනය හා බලය තියෙනවා නම් දැන් ලංකාවේ වැඩ්ඩෙක් වෙන එක මහ ලොකු දෙයක් නෙවෙයි. මේක කියලා මට ගමට යන්න බැරිවෙයි. ඒත් මේ ටික කියන්නමයි මං වැඩසටහනට ආවේ. අපි අපේ ගමට ආදරෙයි. මට ධනය බලය තිබ්බනම් ගෙදරින් මට අවසර දෙනවා නම් දැන් වුනත් මේ විනාශය නතර කරන්න පාරට බහින්න මං කැමතියි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි STF රැකවල් මැද වනාතවිල්ලුවට රැගෙන ගිය 170kgක මත්ද්‍රව්‍ය තොගය විනාශ කළ හැටි
02:36
Video thumbnail
දැඩි විරෝධතා මැද පයින්ම මතුගම සභාපති පොලිසියෙන් රැගෙන යයි.."මේ ක්‍රියාත්මක වෙන්නේ පැලවත්තේ නීතිය"
03:16
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් පාතාලයට රතු එළි.."පාතාලය ඉවර වෙන්නේ අපේ ආණ්ඩු කාලය ඇතුළේ"
05:24
Video thumbnail
මතුගම ප්‍රාදේශිය සභාවේ ගාලගෝට්ටියක්..පොලිසිය අල්ලන්න එද්දි සේවකයෝ සභාපතිව කාමරයට දාලා වහලා
02:53
Video thumbnail
නුවර එකම ජරමරයක්..නුවර කඩ සාප්පු ඉවත් කරයි..වෙළඳුන් උණුසුම් වෙයි - පොලිසියත් කැඳවයි
05:59
Video thumbnail
වරෙන් වරෙන් හු##..ඔප්පු කරන්න පුළුවන්නම්..අහක යන ප්‍රශ්ණවලට උඹලට බැදෙන්න බෑ රාළහාමි
03:21
Video thumbnail
මෙට්ට ගැන කතා කරපු පුහුණුකරු පොලිසියට කැදවයි..විනාශය පෙන්නුවේ..විවේචනය කරන්න අපිට අයිතියක් තියෙනවා
06:30
Video thumbnail
ජනාධිපති රාමඤ්ඤ, අමරපුර මහා නාහිමිවරු බැහැදැක ආශීර්වාද ලබා ගනී
01:33
Video thumbnail
නවගමුව, කොරතොට සලිත කළ වෙ# වරුසාවේ සුල මුල හෙළිවෙයි
01:17
Video thumbnail
කළුතර හෝටල් හිමියෙකුට අත්වූ බිහිසුණු ඉරණම..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වූ අයුරු
03:20


?