සංචරණ සීමා හා නිරෝධායන ඇඳිරි නීතිය ඉතාමත් අවසනාවන්ත ලෙස හා ඉතාමත් අවිනීති ආකාරයෙන් කඩකරන ආකාරය දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.
නිරෝධායන ඇඳිරි නීතිය කඩ කිරීම සඳහා ඉඩ ලබාදුන් බලධාරීන් හො එය කඩකරන පුරවැසියන් පමණක් නොව සමස්ත මහජනතාවටම මීට වන්දි ගෙවීමට සිදුවන නිසාවෙන් රට තවදුරටත් අවාසනාවන්ත තත්ත්වයකට ඇඳවැටීමට හැකි බව තම සංගමය අනතුරු අඟවන බව උපුල් රෝහණ මහතා සදහන් කරනවා.
නිරෝධායන ඇඳිරි නීතිය පනවා රටේ ආර්ථිකයටත් හානි සිදුකරගනිමින් මෙන්ම කොවිඩ් වසංගත තත්ත්වයද පාලනය කර නොගනිමින් මෙලෙස කටයුතු කිරීමෙන් රට තවදුරටත් පරිහානියට පත්වේයැයි තම සංගමය විශ්වාසය පලකරන බව ඔහු වැඩිදුරටත් පවසනවා.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක මහතා පවසන්නේ රටේ පනවා ඇත්තේ මෙරටටම ආවේණීක හයිබ්‍රිඩ් ලොක්ඩවුන් ක්‍රමයක් බවයි.
ඔහු පෙන්වා දෙන්නේ යම් තරමක රට වැසීමක් කළද රජය සම්පූර්ණයෙන්ම රට වසා නොමැති බවයි.
අත්‍යවශ්‍ය සේවාවන් මෙන්ම අනෙකුත් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යෑමට රජය ඉඩලබාදී ඇති බවත් එය ලෝකයම පිළිගත් ක්‍රමයක් බවත් නිපුන රණවක මහතා පවසනවා.