අපි දාලා තියෙන්නේ හයිබ්‍රිඩ් ලොක්ඩවුන් එකක් – නිපුන රණවක

සංචරණ සීමා හා නිරෝධායන ඇඳිරි නීතිය ඉතාමත් අවසනාවන්ත ලෙස හා ඉතාමත් අවිනීති ආකාරයෙන් කඩකරන ආකාරය දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

නිරෝධායන ඇඳිරි නීතිය කඩ කිරීම සඳහා ඉඩ ලබාදුන් බලධාරීන් හො එය කඩකරන පුරවැසියන් පමණක් නොව සමස්ත මහජනතාවටම මීට වන්දි ගෙවීමට සිදුවන නිසාවෙන් රට තවදුරටත් අවාසනාවන්ත තත්ත්වයකට ඇඳවැටීමට හැකි බව තම සංගමය අනතුරු අඟවන බව උපුල් රෝහණ මහතා සදහන් කරනවා.

නිරෝධායන ඇඳිරි නීතිය පනවා රටේ ආර්ථිකයටත් හානි සිදුකරගනිමින් මෙන්ම කොවිඩ් වසංගත තත්ත්වයද පාලනය කර නොගනිමින් මෙලෙස කටයුතු කිරීමෙන් රට තවදුරටත් පරිහානියට පත්වේයැයි තම සංගමය විශ්වාසය පලකරන බව ඔහු වැඩිදුරටත් පවසනවා.

https://youtu.be/6QGMdcwpsEc

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක මහතා පවසන්නේ රටේ පනවා ඇත්තේ මෙරටටම ආවේණීක හයිබ්‍රිඩ් ලොක්ඩවුන් ක්‍රමයක් බවයි.

ඔහු පෙන්වා දෙන්නේ යම් තරමක රට වැසීමක් කළද රජය සම්පූර්ණයෙන්ම රට වසා නොමැති බවයි.

අත්‍යවශ්‍ය සේවාවන් මෙන්ම අනෙකුත් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යෑමට රජය ඉඩලබාදී ඇති බවත් එය ලෝකයම පිළිගත් ක්‍රමයක් බවත් නිපුන රණවක මහතා පවසනවා.

https://youtu.be/7xt9im-ShaY
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09