AFC Banner
Empty Ad
Empty Ad

අපි එන්න ප්‍රමාද වුණේ නැහැ නුඹලා යන්න ඉක්මණ් වුණා

පස්සර 18 කණුව ප්‍රදේශයේ දී ප්‍රපාතයකට මගී බස් රථයක් පෙරළීමෙන් සිදු වු අනතුරට මුහුණ දුන් මගීන්ට උපකාර කිරීම සඳහා ගිය පස්සර රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා විසින් බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ සංවේදී ෆේස්බුක් සටහනක් තබා තිබුණි. එහිදී පාලිත රාජපක්ෂ මහතා සටහන් කර තිබුණේ තමන්ට පාන්දර කාලයේ දී ඔහුගේ වෛද්‍ය සගයෙකු වන සහ පස්සර රෝහලේ අධ්‍යක්ෂක සමරබන්දු මහතාගෙන් ඇමතුමක් ලැබුණු බවයි. එහිදී වෛද්‍ය සමරබන්දු විසින් “මචෝ බස් එකක් පෙරලිල සෑහෙන්න ඩැමේජ් ඉක්මණින් වරෙන්” ලෙසින් පවසා සිටි බවයි.

ඉක්මණින්  හදිසි ප්‍රතිකාර ඒකකයට ගොස් අවශ්‍ය උපකරණ සහ කාර්ය මණ්ඩලය සුදානම් කරගන්නට වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා කටයුතු කර තිබුණු අතර ඔහුගේ සහාය තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුද එකතු වී තිබුණි. මෙහිදී අනතුරට පත් මගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු පස්සර රෝහලේ සියලුම කාර්ය මණ්ඩලය සුදානම්ව සිටි බවද වෛද්‍යවරයා විසින් සිය ෆේස්බුක් සටහනේ ලියා තිබුණි.

සහායක වෛද්‍යවරුන් සමඟ වෛද්‍ය පාලිත මහතා පස්සර 18 කණුව ප්‍රදේශයට ගොස් ඇත්තේ ඇම්බියුලන්ස් රථ 6ක් ද සමගිනි. සිද්ධීය වු ස්ථානයට වෛද්‍යවරයා විසින් ළඟා වී ඇති අතර අඩි 250ක් – 300ක් පමණ පහළ ප්‍රපාතයේ බස් රථයේ යකඩ තිබි ඇති අයුරු වෛද්‍යවරයා විසින් සිය ෆේස්බුක් සටහනේ තබා තිබුණි. තමන් හෘද්‍යාබාධ 2ක් වැළැඳී ඇති අයෙකු බවත්, දණහිසේ අබාධයකින් පෙළෙන අයෙකු වුවත් එම ප්‍රපාතය වෙත බැස්ස බවද වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසා තිබුණි.

මිනිස්සු 400ක් 500ක් පමණ එක්ව මිනිස් අත්වැලක් නිර්මාණය කර තිබුණු බවත් ඔවුන් විසින් තුවාල ලැබූ සහ මරණයට පත් වු පිරිස ප්‍රපාතයෙන් ඉහළට ගෙන යමින් සිටි බවද වෛද්‍යවරයාගේ සටහනේ ලියා තිබුණි. ඉන් එක් අවස්ථාවක ප්‍රපාතයෙන් ඉහළ තිබූ ගලක් කඩා වැටී තිබූ අතර එහිදී අනතුරට පත් අයට උදව් කිරීම සඳහා පැමිණි පුද්ගලයෙකුගේ පාදකයට හානි වී තිබූ බවද වෛද්‍ය පාලිත මහතා විසින් සටහන් කර තිබුණි.

එම අවස්ථාවේ සහයට පැමිණි සියලු දෙනා හටම වෛද්‍යවරයා විසින් සිය ස්තූතිය පුද කර තිබූ අතර ඔහු විසින් තවත් ෆේස්බුක් සටහනක් තබමින් පවසා තිබුණේ “අපි එන්න ප්‍රමාද උනේ නැහැ .. එත් නුබල යන්න ඉක්මන් උනා… අපි උත්සාහ කලා බොහොමයක්… නුබල උත්සාහයඅත් හැරියා මිනිසුනේ..” යනුවෙනි.

මෙම සටහන ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙකු සංවේදී කරන ලද වචන කිහිපයක් බවටද පත්විය.

එම ෆේස්බුක් සටහන පහතින්,

ජ 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිල්ලර වැඩ කරනවා මිසක් - රටට වැදගත් දෙයක් කරන්නේ නෑ
04:03
Video thumbnail
බුද්ධිමත් ලෙස මේක තේරුම් ගන්න - 9000ක් ඉඳපු කාලේ කරපුවාදැන් කරන්නේ තුන්දෙනෙක්ගෙන්
02:19
Video thumbnail
Breaking news🛑කංචනගෙන් හදීසියේ විශේෂ හෙළිදරව්වක් - සල්ලි තිබ්බත් ඉන්ධන ලබාගන්නේ මෙහෙමයි
09:09
Video thumbnail
රිදීමාලියද්ද කළඹමින් විදේශ රටක නිෂ්පාදිත බෝම්බයක් හමුවෙයි
01:34
Video thumbnail
අතරමං වෙන්නේ නැතිව 113ක් හදාගන්න තමයි අපිත් උත්සහ කරන්නේ
05:58
Video thumbnail
රංජන්ගේ රෙදි නැත්තටම නැති කරපු අජිත්
02:31
Video thumbnail
14න් පස්සේ ජනතාවගේ උවමනාවන් ඉෂ්ඨ වෙනවා - ලාල් කාන්තගෙන් සහතිකයක් #lalkantha #npp
02:24
Video thumbnail
ජනපති ඊයේ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායම හමු වූ අවස්තාව
00:53
Video thumbnail
ගමෙන් කාලා ගේට්ටුව වහගෙන - සෙල්ලමක් දාපු සාදුයි අක්කයි මාට්ටු
01:40
Video thumbnail
මවපු සිහින ලෝක ක්‍රියාත්මක කරන්න බෑ - දිලුම් අමුණුගම මාලිමා ආණ්ඩුවේ සායම යවයි
05:11

?