අපි අලුත් කොවිඩ් ප්‍රබේදයකුත් හදා ගනීවි ද ?

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පැවැත්වෙන සංගීත සංදර්ශන ඇතුළු සමාජ ඒකරාශීවීම් හේතුවෙන් ඉදිරියේදී විශාල වශයෙන් කොවිඩ් 19 වෛරසය පැතිරීමේ අවදානමක් මතුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ මේ හේතුවෙන් එන්නතට ප්‍රතිචාර නොදක්වන කොවිඩ් ප්‍රභේදයක් වර්ධනය වීමේ වැඩි හැකියාවක් ඇති බවය.
ඔහු මේ සම්බන්දව කරුණු දක්වමින් පැහැදිලි කලේ මෙසේය ,

” ලංකාවේ බොහො ප්‍රදේශවල මේ වෙද්දී සංගීත සංදර්ශන වැනි මහජන ඒකරාශීවීම් රැසක් පවත්වනවා. ඒ වගේම එළඹෙන මාස වලදීත් මෙවැනි උත්සව පැවැත්වීමට නියමිතයි. ඒ නිසා අපිට පෙන්න තියෙනවා සංගීත සංදර්ශන වැනි මහජන ඒකරාශීවීම් නිසා විශාල වශයෙන් කොවිඩ් 19 අවදානම උද්ගත වෙනවා. ඒ වගේම පැතිරයාම සීඝ්‍රයෙන් සිද්ධ වෙනවා.

දින කීපයකින් එක තැනකදී මේකේ ප්‍රතිඵල දැක ගැනීමට නොහැකි වුවත් දිවයින පුරා කොවිඩ් ආසාදිතයෝ රාශියක් වාර්තා වෙනවා. සංඛ්‍යාත්මකව රෝගීන් පැතිරයාම අපිට වාර්තා නොවුනට පැතිරයාම ඉතාමත් ඉහළ තත්ත්වයක ලංකාව ඇතුළේ තියනවා කියන එක පෙන්න තියෙනවා.

මේකේ තියන විශාලතම අවදානම තමයි අපේ වැනි එන්නත්කරණය ඉහළ රටක් ඇතුළේ මෙවැනි වසංගතයක් නිරායාසයෙන් පැතිර යාමට ඉඩ හැරීමෙන් කොයි මෙහොතේ හෝ අපි සියලුදෙනාටම හානිකර එන්නතට ප්‍රතිචාර නොදක්වන ප්‍රභේදයක් වර්ධනයවීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා මේ අවදානම කොයි මොහොතේවත් ඇති කර ගත යුතු නෑ.”

  1. අපේ ගම පැත්තෙ ඉන්න එකෙක් වත් මාස්ක් එකක් කියල නාමයක් වත් නැතිව තමයි ගමන් යන්නෙ, ගම පුරාම යනව මාස්ක් එකක්වත් නැතිව අනේ මන්ද මොනවයින් මොනව වෙයිද කියල මෙහෙම ගිහිල්ල. ඒ අස්සෙ තුන්වනි මාත්‍රාව ගොඩක් මිනිස්සු අරගන නෑ. එක එක හේතු කියල ගන්න එක නැවතිල.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43
Video thumbnail
අජිත් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - බෝල්ට් ඇණයි තක්කාලියි වගේ - කිසි සම්බන්ධයක් නෑ
12:29
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57