අප්‍රිකානු රටවලට ශ්‍රී ලංකාවෙන් තහනමක්

දකුණු අප්‍රිකාවෙන් හදුනාගෙන ඇති නව විකෘති කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් වාර්තා වී ඇති රටවල සිටින පුද්ගලයින්ට මෙරටට පැමිණීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව විදේශිකයින්ට මෙන්ම අදාල රටවල සිටින ශ්‍රී ලාංකික ගුවන් මගීන්ටද මෙරටට පැමිණීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කිරීමටයි තීරණය කර ඇති බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස ප්‍රකාශ කර සිටියේ.

දකුණු අප්‍රිකාව, ඇංගෝලාව, බොට්ස්වානා, මොසැම්බික්, ලෙසතෝ, සිම්බාබ්වේ, ස්වාසිලන්තය, සහ නැම්බියා යන රටවල සිට පැමිණෙන ගුවන් මගීන්ට මෙම තහනම ක්‍රියාත්මක වන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා සඳහන් කලේ.

එම රටවල්වල සිට යම් අයෙකු මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා පිටත්ව ඇත්නම් එලෙස පැමිණෙන පිරිස් නිරෝධායනයට යොමු කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

දකුණු අප්‍රිකානු විකෘති වෛරස් ප්‍රභේදය වාර්තා වී ඇති රටවල සංචාරකයින්ට තහංචි පැනවීමට අමෙරිකාව, බ්‍රිතාන්‍යය, ජපානය, ජර්මනිය, ඉතාලිය, ඊශ්‍රායලය හා සිංගප්පූරුව දැනටමත් පියවර ගෙන තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටිල්වින් යවපු කට්ටිය තමයි අපිට පහරදීලා තියෙන්නේ
02:07
Video thumbnail
ලක්ෂ 12ට හෑවගේ මොඩල් එකක්වත් ගන්න බෑ
11:15
Video thumbnail
අටමස්ථානාධිපති ගැන ජනප්‍රිය නිළි මහේෂි කට අරියි..සාක්ෂි තියෙද්දි කොහොමද එහෙම නිදහස් වුණේ ?
03:52
Video thumbnail
ගෙදරට කන්න නැතත් බැංකු ණය ගෙවපු මිනිහෙක් මම - බැංකු බද්ද ගැන ඩඩ්ලි රජයට කිව්ව සැර කතාව
08:19
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ වෙන්නේ - මහත්තයෝ දුවන්න දුවන්න
03:32
Video thumbnail
මහ බැංකුවේ පොලී අනුපාතය ඉහළ යාම ගැන ප්‍රබල හෙළිදරව්වක් - ණය ගත්තු අයටත් වැඩ වරදියි ?
10:25
Video thumbnail
විශ්‍රාමික නාවික සෙබලෙක් පිස්තෝලයක් සහ අයිස් සමඟ අත්අඩංගුවට
01:11
Video thumbnail
ටිල්වින් සිල්වා දෙවියන්ටත් වඩා බලවත් - අපි නම් බය නෑ
05:15
Video thumbnail
ඊයේ විමල්, අද සුගීශ්වර - තලංගම පොලිසියට කැඳවයි
01:26
Video thumbnail
සරණගේ නඩු 4ක තීන්දු ප්‍රකාශයට පත්කිරීම කල් යයි
01:53