spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අප්‍රිකානු රටවලට ශ්‍රී ලංකාවෙන් තහනමක්

දකුණු අප්‍රිකාවෙන් හදුනාගෙන ඇති නව විකෘති කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් වාර්තා වී ඇති රටවල සිටින පුද්ගලයින්ට මෙරටට පැමිණීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව විදේශිකයින්ට මෙන්ම අදාල රටවල සිටින ශ්‍රී ලාංකික ගුවන් මගීන්ටද මෙරටට පැමිණීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කිරීමටයි තීරණය කර ඇති බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස ප්‍රකාශ කර සිටියේ.

දකුණු අප්‍රිකාව, ඇංගෝලාව, බොට්ස්වානා, මොසැම්බික්, ලෙසතෝ, සිම්බාබ්වේ, ස්වාසිලන්තය, සහ නැම්බියා යන රටවල සිට පැමිණෙන ගුවන් මගීන්ට මෙම තහනම ක්‍රියාත්මක වන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා සඳහන් කලේ.

එම රටවල්වල සිට යම් අයෙකු මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා පිටත්ව ඇත්නම් එලෙස පැමිණෙන පිරිස් නිරෝධායනයට යොමු කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

දකුණු අප්‍රිකානු විකෘති වෛරස් ප්‍රභේදය වාර්තා වී ඇති රටවල සංචාරකයින්ට තහංචි පැනවීමට අමෙරිකාව, බ්‍රිතාන්‍යය, ජපානය, ජර්මනිය, ඉතාලිය, ඊශ්‍රායලය හා සිංගප්පූරුව දැනටමත් පියවර ගෙන තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?