අප්‍රේල් 07 ලාංකිකයින්ගේ සෙවණැල්ල අතුරුදන් (වීඩියෝ)

කොළඹට සූර්යයා එකඑල්ලේ මුදුන්වීම හේතුවෙන් 2025 අප්‍රේල් මස 7 වන සඳුදා දහවල් 12:12ට සුළු මොහොතකට ඔබේ සෙවණැල්ල අතුරුදන් ව යන බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා පවසනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා,

ඇත්ත වශයෙන්ම මේක දෘෂ්ටි මායාවක්. වසරක් ගත්තාම මේ අවස්ථාවේ උපරිම සූර්යය ශක්තිය ලැබෙන කාලය ඇවිත් තිබෙන්නේ. ඒ කියන්නේ අප්‍රේල් මාසයේ මුල් සති දෙක තුළ අපේ රටට ඉහළින් සූර්යයා මුදුන් වෙනවා. මේ මුදුන්වීම අප්‍රේල් 5 සිට 15 දක්වා පවතිනවා. කොළඹට සූර්යයා මුදුන්වීම අප්‍රේල් 7 වනදා සිදුවෙනවා. එදින දහවල් 12:12ට කවුරු හරි එළියට ඇවිත් හිටියොත් ඒ අයගේ සෙවනැල්ල එක මොහොතකට නැති වෙලා යනවා. තමන්ගේ සෙවණැල්ල තමන්ට බලන්න බැහැ. ඒක වෙන කෙනෙක්ට බලන්න පුළුවන්. මේ තත්ත්වය 4 වෙනිදා සිට 15 වෙනිදා දක්වා දවස් 10ක් පවතිනවා.

“අපේ රට ඇතුළට සූර්යයා පැමිණෙන්නේ 4 වෙනිදා. ඒ කියන්නේ පේදුරුතුඩුවෙන් තමයි මේ මුදුන්වීම ආරම්භ වෙන්නේ. අප්‍රේල් 5 එළමල්දෙණිය, අප්‍රේල් 6 කළුතර, අප්‍රේල් 7 කොළඹ – කැලණිය, අප්‍රේල් 8 නයිනමඩම – මහියංගණය ආදි ප්‍රදේශවලට සූර්යයා මුදුන් වෙනවා. 15 වනදා පේදුරුතුඩුවෙන් සූර්යයා අපේ රටෙන් ඉවත්වෙලා යනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
3
+1
2
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38