අපනයන ණය රක්ෂණ සංස්ථාව නියෝග ක්‍රියාත්මක නොකිරීම ගැන අප්‍රසාදය

ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව පිළිබඳ සාකච්ඡාවට ලක් කරන ලද කරුණු සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදුකරන ලෙස කෝප් කමිටුව දිගින් දිගටම අවධාරණය කළද ඒ පිළිබඳ කිසිදු ප්‍රගතියක් දක්නට නොලැබීම පිළිබඳව කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර කෝප් කමිටු රැස්වීමේදී සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

අප්‍රේල් 06 වැනිදා වන විටත් සංස්ථාව විසින් අභ්‍යන්තර විගණකවරයෙකු පත් කර නොතිබු අතර මූල්‍ය අවභාවිතය සහ වංචා චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නිර්දේශ කළ පරිදි ස්වාධීන කොමිසමක් ද පත් කර නොතිබු බවයි සඳහන් වන්නේ.

ආයතනයේ මෙහෙවර ප්‍රකාශය සමඟ සමපාත වූ ආයතනික සැලැස්මක් තවමත් සකස් කර නොමැති බව ද සඳහන්.

එබැවින් ලබන ජූනි 23 වැනිදා වන විට ඉහත සඳහන් සියලු කරුණු සඳහා ක්‍රියාමාර්ග ගත යුතු බව අවධාරණය කළ අතර නියමිත වේලාවට පෙර කෝප් කමිටු සභාපතිවරයා විසින් රැස්වීම කල් තබනු ලැබුවා.

දැනට පුද්ගලයින් 19 දෙනෙකු පමණක් සේවයේ යෙදී සිටින පුද්ගලයින් 56 දෙනෙක් සිටිය යුතු කාර්ය මණ්ඩලයේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීම සඳහා සහාය වන ලෙස කෝප් සභාපතිවරයා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් උපදෙස් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43
Video thumbnail
සර් සර් විනාඩියක්
00:46