spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අපනයන ණය රක්ෂණ සංස්ථාව නියෝග ක්‍රියාත්මක නොකිරීම ගැන අප්‍රසාදය

ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව පිළිබඳ සාකච්ඡාවට ලක් කරන ලද කරුණු සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදුකරන ලෙස කෝප් කමිටුව දිගින් දිගටම අවධාරණය කළද ඒ පිළිබඳ කිසිදු ප්‍රගතියක් දක්නට නොලැබීම පිළිබඳව කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර කෝප් කමිටු රැස්වීමේදී සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

අප්‍රේල් 06 වැනිදා වන විටත් සංස්ථාව විසින් අභ්‍යන්තර විගණකවරයෙකු පත් කර නොතිබු අතර මූල්‍ය අවභාවිතය සහ වංචා චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නිර්දේශ කළ පරිදි ස්වාධීන කොමිසමක් ද පත් කර නොතිබු බවයි සඳහන් වන්නේ.

ආයතනයේ මෙහෙවර ප්‍රකාශය සමඟ සමපාත වූ ආයතනික සැලැස්මක් තවමත් සකස් කර නොමැති බව ද සඳහන්.

එබැවින් ලබන ජූනි 23 වැනිදා වන විට ඉහත සඳහන් සියලු කරුණු සඳහා ක්‍රියාමාර්ග ගත යුතු බව අවධාරණය කළ අතර නියමිත වේලාවට පෙර කෝප් කමිටු සභාපතිවරයා විසින් රැස්වීම කල් තබනු ලැබුවා.

දැනට පුද්ගලයින් 19 දෙනෙකු පමණක් සේවයේ යෙදී සිටින පුද්ගලයින් 56 දෙනෙක් සිටිය යුතු කාර්ය මණ්ඩලයේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීම සඳහා සහාය වන ලෙස කෝප් සභාපතිවරයා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් උපදෙස් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?