ඉන්ධන, ගෑස් සහ ගල් අඟුරු මිල දී ගැනීම සඳහා ශ්‍රී ලංකාව රුසියාවෙන් ඩොලර් මිලියන 300ක ණය පහසුකමක් ඉල්ලා තිබෙනවා.
මේ අතර, මෙරටට පැමිණි මෙටි්රක් ටොන් 37,300ක ඩීසල් රැගත් නෞකාවේ ඉන්ධන අද දිනය තුළ මුතුරාජවෙල තෙල් ගබඩා පර්යන්තය වෙත නිකුත් කෙරෙනවා.
බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මෙන්ම අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි කියා සිටියේ, හෙට දිනයේදී ද තවත් ඩීසල් රැගත් නෞකාවක් දිවයිනට ළඟාවීමට නියමිත ව ඇති බවයි.
මීට අමතර ව තවත් ඉන්ධන නෞකා කිහිපයක් මේ මස 06, 09 සහ 12 යන දිනවල මෙරටට පැමිණීමට නියමිතයි.
ඛනිජ තෙල් සංස්ථාවේ තොග ගබඩා පර්යන්තයේ සභාපති නාලක පෙරේරා කියා සිටියේ, මේ වනවිට පෙට්‍රල් මෙටි්රක් ටොන් 40,000ක් පමණ සංස්ථාව සතුව පවතින බවයි.
ඒ හේතුවෙන් ඉන්ධන සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැතැයි ද ඔහු ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් අසල ඊයේ දිනයේත් දිගු පෝලිම් දක්නට ලැබුණා.
මේ අතර, අදත් දිවයිනට ම බලපැවැත්වෙන පරිදි පැය 7යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම දැනුම් දෙනවා.
එමෙන්ම අඛණ්ඩ විදුලි සැපයුමට පියවර ගන්නැ යි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වගකිව යුතු සියලු පාර්ශවවලට උපදෙස් ලබා දී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, අනිද්දා සිට විදුලි කප්පාදුවක් සිදු නො කරන බවට බලධාරීන් ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර ඇති බවයි.