AFC Banner
AFC Banner
Empty Ad

අනුර කුමාර මහින්දානන්ද පාර්ලිමේන්තුවේදී ගැටෙයි

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ නොමැති බවට පණිවිඩයක් රටට ලබා දීමට අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී උත්සහ කළ බව කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

කෙසේ වෙතත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් 34ක් පමණ පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ආහාර ගෙන තිබෙන බවත් ඒ අනුව පාර්ලිමේන්තුව තුල ප්‍රශ්නයක් නොමැති බවත් අද (06දා) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් හෙතෙම සඳහන් කළේය.

හිතට එන ඔ්නෑම දෙයක් කියන අමාත්‍යවරයෙක් බවට මහින්දානන්ද අමාත්‍යවරයා පත්වෙලා තිබෙන බවත් ඔහු වර්ථමානයේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද මිස නාවලපිටියේ මහින්දානන්ද නොවන බවට තේරුම් ගත යුතු බවත් එහිදී අදහස් පළ කරමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ – පාර්ලිමේන්තුවේ කැන්ටිම පරික්ෂා කරද්දි විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැනට 34ක් අද උදේට කාලා තිබෙනවා. අනුර කුමාර දිසානායක මහත්මයයි හේරත් මහත්මයත් හිටියා කන්න නැතිව. ඒ දෙන්න දැන් කන්න ගියා. ඒ නිසා 30ට ආසන්න ප්‍රමාණයක් අද උදේ වන විට කාලා තියෙනවා. ඒත් පාර්ලිමේන්තුවට ඇවිත් නෑ. අද අනුර දිසානායක මහතා උත්සහ කළා රටට පණිවිඩයක් දෙන්න. එතුමා උත්සහ කළේ කවුරුත් නෑ කියන්න. ඒ නිසා කෑවේ නැති කතාවක් නෑ. කට්ටිය කෑවා. පාර්ලිමේන්තුවේ කිසිදු ප්‍රශ්නයක් නෑ.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක – මේක තමයි ප්‍රශ්නය. මේ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා තමන්ගේ හිතට එන හිතලු ඔහේ කියවන අමාත්‍යවරයෙක් බවට පත්වෙලා තිබෙනවා. මා පිළිබඳව සහ විජිත හේරත් මන්ත්‍රීවරයා ගැන කළ ප්‍රකාශය වැරදියි. තමුන්නාන්සේලා කරුණා කරලා ඉල්ලා අස් කර ගන්න වගකීමක් තිබෙනවා නම්. අඩුම ගානේ තේරුම් ගන්න නාවලපිටියේ මහින්දානන්ද නෙවෙයි කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්නද කියලා. එහෙමවත් තේරුම් අරගෙන වගකීමෙන් කතා කරන්න පටන් ගන්න.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ – කථානායකතුමනි මේක තමයි ප්‍රශ්නය. ඔබතුමා මගෙන් අහගන්න එපා පසුගිය කාලයේ මලික් සමරවික්‍රම ඇමතිවරයාත් සමග කරපුවා. ඒ නිසා කාටවත් පොයින්ට් ඔ්ෆ් ඔ්ඩර් දෙන්න බෑ. අපි මෙච්චර කල් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තියාගෙන යන්න හදනවා. මේ පාර්ලිමේන්තුව ගෞරවනීය ලෙස තියාගන්න හදනවා. ඒ නිසා බොරුවට මඩ ගහන්න එපා.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක – දැන් පොයින්ට් ඔ්ෆ් ඔ්ඩර් එකක් නෑ කියලා කියන්නේ ඇමතිවරයා කථානායකතුමාට . දැන් ඔබතුමාද සභාව මෙහෙය වන්නේ කථානයකද? කථානායකතුමා මට කියන්න ඔබතුමාද සභාව මෙහෙය වන්නේ නැත්නම් මහින්දානන්ද ඇමතිවරයාද?

කථානායක මහින්ද යාපා අබේවර්ධන – ඔබතුමා අනවශ්‍ය ප්‍රශ්න වලට පැටලෙන්නේ නැතිව ඔබතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක – ඔබතුමාගේ ඔය ප්‍රශ්නය තමයි පාර්ලිමේන්තුවට මේ ප්‍රශ්නය ඇති කරලා තිබෙන්නේ. මහින්දානන්ද තේරුම් ගන්න. ඔයාට මම ගැන හෝ පක්ෂය ගැන ඔ්න දෙයක් කියන්න. තියෙනවා තියෙනවා කියලා ෆයිල් හොල්ලන්න එපා බොරුවට. ඔයා ගැන ඔ්නි නම් මම කියන්නම්. මම එළියෙ කියලා තිබෙනවා ඔයා ගැන. ඒ නිසා මේ ඔලුවට එන හිතලු ඔහේ කියවන, කිසි වගකීමක් නැතිව හැසිරෙන මේ අමාත්‍යවරයා වගකීමක් ඇතිව කියන්න. මේ දැන් කියන දේ මේ දැන් වරදිනවා. ලැජ්ජා වෙන්න ඔ්නී.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ – මම කියන්න කැමති නෑ කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැසිකිලියේ ඇතුලේ ඔබතුමාට හමුවුණු දේවල් සමග මට කියන්න පුලුවන්. මම එතනට යන්නේ නෑ.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක – මම අවසන් වශයෙන් කියන්නේ මහින්දානන්දට අඩුම තරමේ විනාඩියක් පවතින බොරුවක් කියන්න කියලා. මේ දැන් කියනවා අනිත් පැත්තෙන් හෙලිදරව් වෙනවා. ලැජ්ජා වෙන්න ඕනේ..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?