අනුර කුමාර මහින්දානන්ද පාර්ලිමේන්තුවේදී ගැටෙයි

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ නොමැති බවට පණිවිඩයක් රටට ලබා දීමට අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී උත්සහ කළ බව කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

කෙසේ වෙතත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් 34ක් පමණ පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ආහාර ගෙන තිබෙන බවත් ඒ අනුව පාර්ලිමේන්තුව තුල ප්‍රශ්නයක් නොමැති බවත් අද (06දා) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් හෙතෙම සඳහන් කළේය.

හිතට එන ඔ්නෑම දෙයක් කියන අමාත්‍යවරයෙක් බවට මහින්දානන්ද අමාත්‍යවරයා පත්වෙලා තිබෙන බවත් ඔහු වර්ථමානයේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද මිස නාවලපිටියේ මහින්දානන්ද නොවන බවට තේරුම් ගත යුතු බවත් එහිදී අදහස් පළ කරමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ – පාර්ලිමේන්තුවේ කැන්ටිම පරික්ෂා කරද්දි විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැනට 34ක් අද උදේට කාලා තිබෙනවා. අනුර කුමාර දිසානායක මහත්මයයි හේරත් මහත්මයත් හිටියා කන්න නැතිව. ඒ දෙන්න දැන් කන්න ගියා. ඒ නිසා 30ට ආසන්න ප්‍රමාණයක් අද උදේ වන විට කාලා තියෙනවා. ඒත් පාර්ලිමේන්තුවට ඇවිත් නෑ. අද අනුර දිසානායක මහතා උත්සහ කළා රටට පණිවිඩයක් දෙන්න. එතුමා උත්සහ කළේ කවුරුත් නෑ කියන්න. ඒ නිසා කෑවේ නැති කතාවක් නෑ. කට්ටිය කෑවා. පාර්ලිමේන්තුවේ කිසිදු ප්‍රශ්නයක් නෑ.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක – මේක තමයි ප්‍රශ්නය. මේ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා තමන්ගේ හිතට එන හිතලු ඔහේ කියවන අමාත්‍යවරයෙක් බවට පත්වෙලා තිබෙනවා. මා පිළිබඳව සහ විජිත හේරත් මන්ත්‍රීවරයා ගැන කළ ප්‍රකාශය වැරදියි. තමුන්නාන්සේලා කරුණා කරලා ඉල්ලා අස් කර ගන්න වගකීමක් තිබෙනවා නම්. අඩුම ගානේ තේරුම් ගන්න නාවලපිටියේ මහින්දානන්ද නෙවෙයි කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්නද කියලා. එහෙමවත් තේරුම් අරගෙන වගකීමෙන් කතා කරන්න පටන් ගන්න.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ – කථානායකතුමනි මේක තමයි ප්‍රශ්නය. ඔබතුමා මගෙන් අහගන්න එපා පසුගිය කාලයේ මලික් සමරවික්‍රම ඇමතිවරයාත් සමග කරපුවා. ඒ නිසා කාටවත් පොයින්ට් ඔ්ෆ් ඔ්ඩර් දෙන්න බෑ. අපි මෙච්චර කල් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තියාගෙන යන්න හදනවා. මේ පාර්ලිමේන්තුව ගෞරවනීය ලෙස තියාගන්න හදනවා. ඒ නිසා බොරුවට මඩ ගහන්න එපා.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක – දැන් පොයින්ට් ඔ්ෆ් ඔ්ඩර් එකක් නෑ කියලා කියන්නේ ඇමතිවරයා කථානායකතුමාට . දැන් ඔබතුමාද සභාව මෙහෙය වන්නේ කථානයකද? කථානායකතුමා මට කියන්න ඔබතුමාද සභාව මෙහෙය වන්නේ නැත්නම් මහින්දානන්ද ඇමතිවරයාද?

කථානායක මහින්ද යාපා අබේවර්ධන – ඔබතුමා අනවශ්‍ය ප්‍රශ්න වලට පැටලෙන්නේ නැතිව ඔබතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක – ඔබතුමාගේ ඔය ප්‍රශ්නය තමයි පාර්ලිමේන්තුවට මේ ප්‍රශ්නය ඇති කරලා තිබෙන්නේ. මහින්දානන්ද තේරුම් ගන්න. ඔයාට මම ගැන හෝ පක්ෂය ගැන ඔ්න දෙයක් කියන්න. තියෙනවා තියෙනවා කියලා ෆයිල් හොල්ලන්න එපා බොරුවට. ඔයා ගැන ඔ්නි නම් මම කියන්නම්. මම එළියෙ කියලා තිබෙනවා ඔයා ගැන. ඒ නිසා මේ ඔලුවට එන හිතලු ඔහේ කියවන, කිසි වගකීමක් නැතිව හැසිරෙන මේ අමාත්‍යවරයා වගකීමක් ඇතිව කියන්න. මේ දැන් කියන දේ මේ දැන් වරදිනවා. ලැජ්ජා වෙන්න ඔ්නී.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ – මම කියන්න කැමති නෑ කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැසිකිලියේ ඇතුලේ ඔබතුමාට හමුවුණු දේවල් සමග මට කියන්න පුලුවන්. මම එතනට යන්නේ නෑ.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක – මම අවසන් වශයෙන් කියන්නේ මහින්දානන්දට අඩුම තරමේ විනාඩියක් පවතින බොරුවක් කියන්න කියලා. මේ දැන් කියනවා අනිත් පැත්තෙන් හෙලිදරව් වෙනවා. ලැජ්ජා වෙන්න ඕනේ..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12