අනුරාධපුර රෝහලේ ගොඩනැගිල්ලක ගින්නක්

අනුරාධපුර රෝහලට අයත් මෙත්සිරි සෙවණ පරිශ්‍ර ගොඩනැගිල්ලේ හදිසි ගිනි ගැනීමක් වාර්තා වනවා.

ගින්න ඇතිවීමත් සමඟ එම ගොඩනැගිල්ල තුළ සිටි නේවාසික රෝගීන් ඉන් ඉවත්කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ගින්න නිවා දැමීම සඳහා අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය කටයුතු කරමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙත්සිරි සෙවන රෝහල් පරිශ්‍රයේ ඇති ස්වසන රෝග හා දැඩි සත්කාර ඒකකය මහල් තුනකින් සමන්විත වන අතර, එම ගොඩනැගිල්ලේ ඉහළ මහලේ මෙම ගින්න හට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?