අනුබුදු මිහිඳු හිමිගේ ලංකාගමනය සිදු වූ පොසොන් පොහොය අදයි

පොසොන් පුර පසළොස්වක පුන් පොහොය අද (21) යි.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සිහිපත් කරමින් මෙරට බෞද්ධ ජනයා අද පොසොන් පොහොය සමරනවා.

පෙහෙවස් සමාදන් වෙමින් දාන, ශීල, භාවනා ආදි ආමිස හා ප්‍රතිපත්ති පූජා සිදු කරමින් දිවයිනේ සියලු ම බෞද්ධ ජනයා මෙම දිනය සිහිපත් කරනවා.

දඹදිව සිට අනුබුදු මිහිඳු හිමියන් ඇතුළු පිරිවර විසින් අදවන් පොහොය දිනකදියි සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ ලොවට වදාළ බුදු දහම ශ්‍රී ලාංකික ජනතාව වෙත දේශනා කරනු ලබන්නේ.

අනුරාධපුර මිස්සක පව්ව නැතහොත් මිහින්තලය යන නමින් හැඳින්වෙන ගල් කුල මතටයි එදවස මිහිඳු හිමියන් ධර්මය රැගෙන මෙරටට වැඩම කර, එවක රජ කළ දෙවනපෑතිස් රජු ඇතුළු පිරිසට දහම් දෙසා තිබෙන්නේ.

එබැවින් අද දිනය මුළු මහත් බෞද්ධ ජනයාගේ වැදගත් ම පුන් පෝ දිනයක් ලෙසටයි සැලකෙන්නේ.

මේ අතර පොසොන් පොහොය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ ලොව කිසිදු ජන වර්ගයකට නොදෙවෙනි ශ්‍රේෂ්ඨ ජාතියක් ලෙස ලක්වැසියා පෙරට පැමිණියේ මේ මහා දර්ශනයෙහි ඇති ජීව ගුණයෙන් බවයි.

උතුම් ගුණධර්ම පෙරදැරිකොටගත් සමාජය උදෙසා වන පින්බර පොසොන් පොහෝ දින පිළිවෙතින් පෙළගැසෙමුයි!” අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් දක්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08