අනුබුදු මිහිඳු හිමිගේ ලංකාගමනය සිදු වූ පොසොන් පොහොය අදයි

පොසොන් පුර පසළොස්වක පුන් පොහොය අද (21) යි.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සිහිපත් කරමින් මෙරට බෞද්ධ ජනයා අද පොසොන් පොහොය සමරනවා.

පෙහෙවස් සමාදන් වෙමින් දාන, ශීල, භාවනා ආදි ආමිස හා ප්‍රතිපත්ති පූජා සිදු කරමින් දිවයිනේ සියලු ම බෞද්ධ ජනයා මෙම දිනය සිහිපත් කරනවා.

දඹදිව සිට අනුබුදු මිහිඳු හිමියන් ඇතුළු පිරිවර විසින් අදවන් පොහොය දිනකදියි සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ ලොවට වදාළ බුදු දහම ශ්‍රී ලාංකික ජනතාව වෙත දේශනා කරනු ලබන්නේ.

අනුරාධපුර මිස්සක පව්ව නැතහොත් මිහින්තලය යන නමින් හැඳින්වෙන ගල් කුල මතටයි එදවස මිහිඳු හිමියන් ධර්මය රැගෙන මෙරටට වැඩම කර, එවක රජ කළ දෙවනපෑතිස් රජු ඇතුළු පිරිසට දහම් දෙසා තිබෙන්නේ.

එබැවින් අද දිනය මුළු මහත් බෞද්ධ ජනයාගේ වැදගත් ම පුන් පෝ දිනයක් ලෙසටයි සැලකෙන්නේ.

මේ අතර පොසොන් පොහොය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ ලොව කිසිදු ජන වර්ගයකට නොදෙවෙනි ශ්‍රේෂ්ඨ ජාතියක් ලෙස ලක්වැසියා පෙරට පැමිණියේ මේ මහා දර්ශනයෙහි ඇති ජීව ගුණයෙන් බවයි.

උතුම් ගුණධර්ම පෙරදැරිකොටගත් සමාජය උදෙසා වන පින්බර පොසොන් පොහෝ දින පිළිවෙතින් පෙළගැසෙමුයි!” අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් දක්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10
Video thumbnail
ජනාධිපති සහෝදරයාගෙන් රටටම පොරොන්දුවක්..ඔයාලා අපිව අත්නොහරිනකල් අපිත් ඔයාලව අත්හරින්නේ නෑ
05:44
Video thumbnail
ජනතාව නීතියට බය නෑ කියන්නේ..හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..OICට ඒක දැනෙන්න ඕනි
06:46
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48


?