ලෝක රූ රැජින තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග වදින අනුදි ගුණසේකරව අවසන් තරගකාරිණියන් 40 දෙනා අතරට ඍජු ව තේරී පත්කර ගැනීමට ලැබෙන අවසාන අවස්ථාව මෙයයි.
ඇය මේ වනවිට Multimedia Challenge තරග වටයේ අවසන් අභියෝගය සඳහා නිර්මාණය කළ වීඩියෝ පටය Miss World යෙදුමට යොමු කර තිබෙනවා.
ඇයව අවසන් 40 දෙනා අතරට ඍජුව තෝරාපත් කරගැනීමට නම් පහත සඳහන් ලින්ක් එක තුළට ගොස්, පෝස්ට් එක ලයික් කර, ඔබට හැකි පමණ ධනාත්මක අදහස් කමෙන්ට් කළ හැකි වනවා.
අනුදි ගුණසේකරට සහාය පළ කිරීමට මෙම දිගුවෙන් පිවිසෙන්න; https://rb.gy/qy7a69
ශ්‍රී ලංකාව වැනි කුඩා රටක කෙනෙක් වූ තමා ලෝක රූ රැජින තරගයේ මල්ටිමීඩියා අංශයේ ජයග්‍රහණය අබියස සිටීම විශේෂ දෙයක් බව අනුදි ගුණසේකර පවසනවා.
72 වැනි ලෝක රූ රැජින තරගයේ මල්ටිමීඩියා අංශයේ අවසන් තරගකරුවන් 20 දෙනා අතරට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර අද (28) සමත් වුණා.
ඒ, මෙරට තරගකාරියක් එම අංශයේ අවසන් තරගකරුවන් අතරට තේරී පත් වූ ඉතිහාසයේ පළමු අවස්ථාව සනිටුහන් කරමින්.















