AFC Banner
Empty Ad
Empty Ad

අනියම් බිරිඳව කුලී නිවස තුළ ඝාතනය කරලා

බියගම, මල්වාන ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කර තිබිය දී ඊයේ (01) රාත්‍රියේ සොයාගත් බව පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි වියේ පසු වූ නවසඳගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් 32 හැවිරිදි වියේ පසු වූ යක්කඩුව ප්‍රදේශයේ පුද්ගලයෙක් කොස්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සැකකරු පදිංචිව සිටි කුලී නිවස තුළ දී ඔහු විසින් අනියම් බිරිඳව මෙලෙස ඝාතනය කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

බියගම පොලිසියට ලද තොරතුරක් අනුව ඝාතනය කළ කාන්තාවගේ සිරුර සොයාගෙන ඇති අතර, පොලිසිය සැකපළ කරන්නේ මීට දින කිහිපයකට පෙර මෙම ඝාතනය සිදුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ සහ බියගම පොලිස් ස්ථාන මඟින් විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?