අනියම් පෙමින් ගිනියම් වූ හිත බිඳී කත මියැදෙයි

අනියම් සබඳතාවක් හෙළිවීම හේතුවෙන් සිත් තැවුලට පත් කාන්තාවක් වස පානය කර ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ 33 හැවිරිදි වියෙහි පසුවූ හලාවත – විල්පත ප්‍රදේශයේ කාන්තාවක් මෙලෙස කෘමිනාශක දියරයක් පානය කර, අසාධ්‍යයව රෝහල්ගත කළ අවස්ථාවේ දී මියගොස් ඇති බවයි.

එම කාන්තාව අසල්වැසි පිරිමි පුද්ගලයෙකු සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත්, එම පුද්ගලයාගේ බිරිඳ සහ මව ඊයේ (04) දහවල් මරණකාරිණියගේ නිවසට පැමිණ ඇයට බැණ වදිමින්, පහර දී ඇති බවත් හෙළි ව තිබෙනවා.

පසුව සිත් තැවුලට පත් වූ කාන්තාව එම සිද්ධිය සිය ස්වාමියාට දූරකථන ඇමතුමක් ගෙන දන්වා ඇති අතර ඔහු රාජකාරියේ යෙදී සිටියදී, යළි නිවස වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් මරණකාරිණියගේ පෙරැත්තයට ඇයගේ ස්වාමියා යැයි පවසන පුද්ගලයා යළිත් රැකියාවට ගොස් තිබෙනවා.

ඒ මරණකාරිය දැඩි ලෙස රැකියාවට යන ලෙසට කළ බල කිරීමට අනුවයි.

කෙසේ නමුත් රැකියාවට යළි ගිය ද, සිතෙහි ඇති වූ සැකය මත මරණකාරිණියගේ ස්වාමියා යළිත් නිවසට පැමිණ තිබෙනවා.

එහිදී දැක ඇත්තේ සිය බිරිඳ කිසියම් දුගඳක් වහනය වන කෘෂිනාශක දියරයක් බී සිහිසුන්ව බිම ඇද වැටී ඇති බවයි.

කඩිනමින් ඇයව මුන්දලම රෝහලට ඇතුළත් කළ ද ඒ වනවිට ද ඇය ජීවිතක්ෂයට පත් ව සිටි බවයි වාර්තා වන්නේ.

තමන් නිවසට මුල් අවස්ථාවේ දී පැමිණෙන විටදීත් අදාළ අසල්වැසියන් දෙදෙනා සිය බිරිඳට බැණ වදිමින් සිටි බවට මරණකාරිණියගේ ස්වාමිපුරුෂයා පොලිසියට පවසා තිබෙනවා.

මේ අතර මරණකාරියට බැණ වැද පහර දුන්නා යැයි චෝදනා එල්ල වී සිටින අසල්වැසි කාන්තාව ද ඊයේ දහවල් පල්ලම පොලිසියට පැමිණිල්ලක් ද කර ඇති බවත් වාර්තා වනවා.

එහි දැක්වෙන්නේ අසල්වැසි කාන්තාවක් සමග සිය සැමියා අනියම් සබඳතාවක් පවත්වාගෙන යන බවටයි.

කෙසේවෙතත් මරණකාරිය මියගොස් ඇත්තේ වස ශරීරගත වීමෙන් ද නැතහොත්, ඇයගේ සිරුරේ පහරදීමෙන් ඇති වූ තැළුම් තුවාල හේතුවෙන් දැයි සොයා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.

පල්ලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?