අනියම් පෙමින් ගිනියම් වූ හිත බිඳී කත මියැදෙයි

අනියම් සබඳතාවක් හෙළිවීම හේතුවෙන් සිත් තැවුලට පත් කාන්තාවක් වස පානය කර ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ 33 හැවිරිදි වියෙහි පසුවූ හලාවත – විල්පත ප්‍රදේශයේ කාන්තාවක් මෙලෙස කෘමිනාශක දියරයක් පානය කර, අසාධ්‍යයව රෝහල්ගත කළ අවස්ථාවේ දී මියගොස් ඇති බවයි.

එම කාන්තාව අසල්වැසි පිරිමි පුද්ගලයෙකු සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත්, එම පුද්ගලයාගේ බිරිඳ සහ මව ඊයේ (04) දහවල් මරණකාරිණියගේ නිවසට පැමිණ ඇයට බැණ වදිමින්, පහර දී ඇති බවත් හෙළි ව තිබෙනවා.

පසුව සිත් තැවුලට පත් වූ කාන්තාව එම සිද්ධිය සිය ස්වාමියාට දූරකථන ඇමතුමක් ගෙන දන්වා ඇති අතර ඔහු රාජකාරියේ යෙදී සිටියදී, යළි නිවස වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් මරණකාරිණියගේ පෙරැත්තයට ඇයගේ ස්වාමියා යැයි පවසන පුද්ගලයා යළිත් රැකියාවට ගොස් තිබෙනවා.

ඒ මරණකාරිය දැඩි ලෙස රැකියාවට යන ලෙසට කළ බල කිරීමට අනුවයි.

කෙසේ නමුත් රැකියාවට යළි ගිය ද, සිතෙහි ඇති වූ සැකය මත මරණකාරිණියගේ ස්වාමියා යළිත් නිවසට පැමිණ තිබෙනවා.

එහිදී දැක ඇත්තේ සිය බිරිඳ කිසියම් දුගඳක් වහනය වන කෘෂිනාශක දියරයක් බී සිහිසුන්ව බිම ඇද වැටී ඇති බවයි.

කඩිනමින් ඇයව මුන්දලම රෝහලට ඇතුළත් කළ ද ඒ වනවිට ද ඇය ජීවිතක්ෂයට පත් ව සිටි බවයි වාර්තා වන්නේ.

තමන් නිවසට මුල් අවස්ථාවේ දී පැමිණෙන විටදීත් අදාළ අසල්වැසියන් දෙදෙනා සිය බිරිඳට බැණ වදිමින් සිටි බවට මරණකාරිණියගේ ස්වාමිපුරුෂයා පොලිසියට පවසා තිබෙනවා.

මේ අතර මරණකාරියට බැණ වැද පහර දුන්නා යැයි චෝදනා එල්ල වී සිටින අසල්වැසි කාන්තාව ද ඊයේ දහවල් පල්ලම පොලිසියට පැමිණිල්ලක් ද කර ඇති බවත් වාර්තා වනවා.

එහි දැක්වෙන්නේ අසල්වැසි කාන්තාවක් සමග සිය සැමියා අනියම් සබඳතාවක් පවත්වාගෙන යන බවටයි.

කෙසේවෙතත් මරණකාරිය මියගොස් ඇත්තේ වස ශරීරගත වීමෙන් ද නැතහොත්, ඇයගේ සිරුරේ පහරදීමෙන් ඇති වූ තැළුම් තුවාල හේතුවෙන් දැයි සොයා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.

පල්ලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?