චීනය විසින්, නව අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල 100කට ආසන්න සංඛාවක් භූගතව ස්ථානගත කර ඇති බව ඇමරිකානු යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය අනාවරණය කර තිබෙනවා.
ඒ, අනුව චීන – මොන්ගෝලියා දේශ සීමාව ආසන්නයේ භූගතව ඉදිකර ඇති, මිසයිල දියත් කිරීමේ පද්ධතිවල නව මිසයිල රඳවා ඇතැයි පෙන්ටගනය විසින් කෙටුම්පත් කර ඇති වාර්තාවක දැක්වෙනවා.
“දොන්ග්-ෆෙන්ග් තර්ටි වන්” වර්ගයේ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල 100ක් පමණ ඊට ඇතුළත් වන අතර, එම මිසයිලවලට කිලෝමීටර 7000කට වැඩිදුරක් ගමන් කිරීමේ හැකියාව පවතිනවා.
කෙසේ වෙතත් එම මිසයිලවල ඉලක්ක මොනවාදැයි තවමත් හඳුනාගෙන නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
1
+1
1




