අන්තර්ජාලය හෝ ජංගම දුරකථනයක් පාවිච්චි නොකරන ඉන්දීය ජාතික ආරක්ෂාවේ ප්‍රධානියා

තමන් ජංගම දුරකථනයක් හෝ අන්තර්ජාලය භාවිත නොකරන බව ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල් පවසනවා.

වික්සිත් භාරත් තරුණ නායකයින්ගේ සංවාදයේ සමාරම්භක සැසිය ඊයේ (10) අමතමින් ඔහු මේ බව කියා සිටියා.

භාරත් මණ්ඩපම් හි පැවති ප්‍රශ්නෝත්තර සැසියකදී, අජිත් ඩෝවාල්ගේ ප්‍රශ්න කර සිටියේ ඔහු ජංගම දුරකථන සහ අන්තර්ජාලය භාවිතා කිරීමෙන් වැළකී සිටින බව සත්‍ය කාරණයක් ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල් පැවසුවේ, තමන් අන්තර්ජාලය හෝ ජංගම දුරකථනයක් භාවිත නොකරන බව සත්‍යයක් යන්නයි.

පවුලේ කටයුතු සඳහා හෝ වෙනත් රටවල පුද්ගලයින් සමඟ කතා කිරීම සඳහා හැර තමන් දුරකථනයක් භාවිත නොකරන බව සඳහන් කළ ඔහු, තමන්ට තමන්ගේ කාර්යන් ඒ ආකාරයෙන් කළමනාකරණය කර ගැනීමට හුරුවී සිටින බවයි ඔහු පැවසුවේ.

අජිත් ඩෝවාල් ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක තනතුරට පත් පස්වන පුද්ගලයා වනවා.

කේරළ කේඩරයේ විශ්‍රාමික ඉන්දීය පොලිස් සේවයේ (IPS) නිලධාරියෙකු වන ඔහු දශක ගණනාවක් බුද්ධි අංශ, අභ්‍යන්තර ආරක්ෂාව සහ ත්‍රස්ත විරෝධී භූමිකාවන්හි නිරතව සිටි අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?