Empty Ad
AFC Banner

අන්තර්ජාලය නිසා නරක පුරුද්දක් ලොක්ඩවුන් සමයේ දී වැඩි වෙලා

සංචරණ සීමා යටතේ ගතවූ සතියක කාලය තුළ මෙරට නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය (කසිප්පු පෙරීම) 75%කින් ඉහළ ගොස් තිබෙනවා.

මේ බව අනාවරණය වී ඇත්තේ ශ්‍රී ලංකා පොලීසියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුවයි.

මෙලෙස කසිප්පු පෙරීමට බොහෝදෙනා වැඩි වශයෙන් පෙළඹී ඇත්තේ අන්තර්ජාලයේ මත්පැන් වර්ග නිෂ්පාදනය කරන ආකාරය විස්තර කෙරෙන ලිපි සහ වීඩියෝ නැරඹීමෙන් බවද ආරක්ෂක අංශ විමර්ශනවලදී හෙළිදරව් වී ඇති බව සඳහන්.

එම වාර්තා අනුව පසුගිය මැයි මස 21 සිට 28 දක්වා ගතවූ සතියක කාලය තුළ ආරක්ෂක අංශ කළ වැටලීම්වලදී අත්අඩංගුවට ගත් කසිප්පු ප්‍රමාණය ලීටර 8209ක්. 

මැයි මස 29දා සිට ජූනි මස 05දා තෙක් ගතවූ සතිය තුළ අත්අඩංගුවට ගත් කසිප්පු ප්‍රමාණය ලීටර 13,943ක්වන අතර ඒ අනුව සතියක කාලයක් තුළ කසිප්පු නිෂ්පාදනය 75%කින් පමණ වර්ධනය වී ඇති බව සඳහන්.

නිෂ්පාදිත කසිප්පුවලට අමතරව කසිප්පු නිෂ්පාදනය සඳහා සූදානම් කර තිබූ ගෝඩා ලීටර් දහස් ගණනක්ද පොලිස් අත්අඩංගුවට පත්වුණා. 

ගෝඩා ලීටර් 5917ක් මැයි මස 21 සිට 28 දක්වා සතිය තුළ අත්අඩංගුවට ගත් අතර මැයි 29 සිට ජූනි මස 05දා දක්වා අත්අඩංගුවට ගත් ගෝඩා ප්‍රමාණය ලීටර් 12,609ක් වනවා. 

එම දත්ත අනුව ගෝඩා නිෂ්පාදනය සියයට සියයකටත් වඩා වර්ධනයක් පෙන්වන බවයි පොලීසිය සඳහන් කරන්නේ.

මෙම අත්අඩංගුවට ගැනීම්වලින් පසුව පවරන ලද නඩු සංඛ්‍යාවෙහිද විශාල වර්ධනයක් පෙන්වා ඇති අතර මැයි මස 21 සහ 28 අතර කාලය තුළ නීති විරෝධී මත්පැන් නඩු 2144ක් ද, මැයි මස 29 සිට ජූනි මස 05දා දක්වා ගතවූ සතිය තුළ නඩු 3237ක් ද පවරා තිබෙනවා.

ඒ අනුව සතියක කාලයක් තුළ හොර මත්පැන් නඩු සංඛ්‍යාවද 1093කින් ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාම් විදියට පිළිගත්තු තානාපතිවරුන් - 09දෙනා සහ කොමසාරිස්වරයා #npp #akd
02:46
Video thumbnail
නාවලපිටියේ නිවාස 06ක් ගිලා බසී - වාහන ධාවනයත් නතර කර දමයි
03:54
Video thumbnail
දරුණු කාලගුණයේ නවතම තත්ත්වය
01:08
Video thumbnail
පීඩාවට පත් අයට වගා හානි ඉක්මනට ලබා දෙන්න
02:31
Video thumbnail
තවමත් පොහොර සහනාධාරය නෑ - කයිවාරු ගහපු මාලිමා ආණ්ඩුවට දැන් වැලේ වැල් නැතිවෙයි #npp
11:47
Video thumbnail
සුනිල් හඳුන්නෙත්ති කිව්වේ කොහොමද? ජනාධිපතිගේ එක අස්සනකින් පුලුවන් කිව්වා හාල් මාෆියාව නවත්වන්න
06:05
Video thumbnail
ඇමති හඳුන්නෙත්ති හදිසියේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයට කඩා පනී
21:08
Video thumbnail
මැතිවරණය තියන්න දරුවන්ගේ ජීවිතය බිල්ලට තිබ්බා - මේවට අගමැතිනියත් වගකියන්න ඕනි
13:57
Video thumbnail
බැසිල් ලංකාවට - පොහොට්ටු ප්‍රබලයෝ හදිසියේ රැස්වෙයි
11:09
Video thumbnail
උසාවියෙන් එළියට ආපු මන්ත්‍රී අර්චුනා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
02:43

?