අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකළ පුද්ගලයෙකුට සිදු වු දේ

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීමේ මුවාවෙන් දැන්වීම් පළ කර අත්තිකාරම් මුදලක් ලබාගෙන වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු වැලිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරු ඊයේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී සොරකම් කරන ලද ජාතික හැඳුනුම්පත් 6ක් ද පොලීසිය භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ. මෙම වංචාවට ලක් වූ තවත් අය වේ නම් ඒ සම්බන්ධයෙන් 071 8591753 අංකයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා දැනුවත් කරන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?