අනවශ්‍ය බියක් එපා – සෞඛ්‍ය ඇමති

පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ අඩුවක් මෙම වසරේ පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා.

මේ වසරේ වාර්තා වී ඇත්තේ ඩෙංගු රෝගී මරණ 50ක් පමණක් වන අතර ඩෙංගු මදුරු මර්දනය සදහා සියළු පාර්ශ්ව එක්ව කටයුතු කිරිම තුලින් දීර්ඝකාලීනව රෝගය මර්දනය කළ හැකි බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඩෙංගු රෝගය සහ සරම්ප රෝගය පිටුදැකීමේ වැඩපිළිවෙල පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (27) පැවැත් වුණා.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ දිවයිනේ පැවැති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග වැඩිපුර ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූ බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අනෙකුත් පාර්ශ්වවල සහයෝගය ඇතිව මදුරු මර්දනය, පාලනය සහ රෝගී ජීවිත බේරා ගැනීමේ ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට වැඩපිළිවෙල රැසක් පසුගිය කාලය පුරා අණ්ඩව ක්‍රියාත්මක කළ බව ද ඔහු ප්‍රකාශ කළා.

පසුගිය කාලය තුල පැතිර ගිය උණ රෝගය හේතුවෙන් පැතිරයන කොවිඩි නව ප්‍රභේදයක් පිළිබදවත්, එම නව ප්‍රභේදය ලංකාවට ඇතුලත් වීමේ තර්ජනය සහ රෝගී තත්ත්වය මෙරට තුල පැතිර යනවා ද යන්න පිළිබදව ගැටළුව පිළිබදව ද මෙහිදී අදහස් පළ කෙරුණා.

වර්තමානයේ ඒ පිළිබදව ඉතාම විමසිල්ලෙන් පසුවන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය සියළු අංශ දැනුවත් කර පසුවිපරම සදහා අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

දැනට එම රෝගී තත්ත්වය පිළිබදව අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බව ද අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කළා.

මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් පාලිත මහීපාල මහතා සඳහන් කළේ දින දෙකකට වඩා උණ රෝගය තිබේ නම් ළඟම ඇති වෛද්‍යවරයා වෙත හෝ රජයේ රෝහලක් වෙත පැමිණ පරීක්ෂා කර ගැනීම ඉතා වැදගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හානිය විශාලයි..නමුත් වැටිච්ච හැම වෙලාවකම අපි නැගිට්ටා..මාසයක් ඇතුළත අනෙකුත් සංවර්ධන කටයුතු කරනවා
06:39
Video thumbnail
අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
00:20
Video thumbnail
වගාවන් සම්පූර්ණයෙන් විනාශවීම නිසා ගොවියන් දැඩි අපහසුතාවයට.."අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි.."
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29


?