අනවශ්‍ය බියක් එපා – සෞඛ්‍ය ඇමති

පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ අඩුවක් මෙම වසරේ පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා.

මේ වසරේ වාර්තා වී ඇත්තේ ඩෙංගු රෝගී මරණ 50ක් පමණක් වන අතර ඩෙංගු මදුරු මර්දනය සදහා සියළු පාර්ශ්ව එක්ව කටයුතු කිරිම තුලින් දීර්ඝකාලීනව රෝගය මර්දනය කළ හැකි බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඩෙංගු රෝගය සහ සරම්ප රෝගය පිටුදැකීමේ වැඩපිළිවෙල පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (27) පැවැත් වුණා.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ දිවයිනේ පැවැති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග වැඩිපුර ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූ බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අනෙකුත් පාර්ශ්වවල සහයෝගය ඇතිව මදුරු මර්දනය, පාලනය සහ රෝගී ජීවිත බේරා ගැනීමේ ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට වැඩපිළිවෙල රැසක් පසුගිය කාලය පුරා අණ්ඩව ක්‍රියාත්මක කළ බව ද ඔහු ප්‍රකාශ කළා.

පසුගිය කාලය තුල පැතිර ගිය උණ රෝගය හේතුවෙන් පැතිරයන කොවිඩි නව ප්‍රභේදයක් පිළිබදවත්, එම නව ප්‍රභේදය ලංකාවට ඇතුලත් වීමේ තර්ජනය සහ රෝගී තත්ත්වය මෙරට තුල පැතිර යනවා ද යන්න පිළිබදව ගැටළුව පිළිබදව ද මෙහිදී අදහස් පළ කෙරුණා.

වර්තමානයේ ඒ පිළිබදව ඉතාම විමසිල්ලෙන් පසුවන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය සියළු අංශ දැනුවත් කර පසුවිපරම සදහා අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

දැනට එම රෝගී තත්ත්වය පිළිබදව අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බව ද අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කළා.

මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් පාලිත මහීපාල මහතා සඳහන් කළේ දින දෙකකට වඩා උණ රෝගය තිබේ නම් ළඟම ඇති වෛද්‍යවරයා වෙත හෝ රජයේ රෝහලක් වෙත පැමිණ පරීක්ෂා කර ගැනීම ඉතා වැදගත් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14