අනවශ්‍ය කලබලයක් එපා – වඳුරු උණ ගැන රජයේ දොස්තරලාගෙන් දැනුම්දීමක්

වඳුරු උණ (මන්කි පොක්ස්) රෝගය ශ්‍රී ලංකාව තුළ පැතිරයෑම වළක්වාගැනීම සදහා ගුවන්තොටුපොළ ඇතුළු ස්ථානවල නිරීක්ෂණ කටයුතු ශක්තිමත් කිරීමට බලධාරීන් පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

වඳුරු උණ ආසාදිතයෙක් මෙරටින් හඳුනාගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මේ බව සඳහන් කළා.

එමෙන්ම ආසාදිතයෙකුගේ තුවාලවල ශ්‍රාවයන් ඝෘජුවම ස්පර්ශවීමෙන් තවත් අයෙකුට එය ආසාදනය විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම ලිංගාශ්‍රිත අවයව සහ ගුද මාර්ගය ආශ්‍රිතව තුවාල තත්ත්වයන් ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රථිකාරවලට යොමුවන ලෙසයි වෛද්‍ය හරිත අලුත්ගේ දන්වා සිටියේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් නිෂ්චිත තහවුරු කරගැනීමක් සිදුකර, රෝගය සම්පූර්ණයෙන් සුවවන තෙක් ලිංගික ක්‍රියාකාරකම්වලින් වැළකෙන ලෙසට ද දැනුම් දෙනවා.

රටක් ලෙස මෙම රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ගනු ලබන්නේ කුමන ක්‍රියාමාර්ග ද යන්න තාක්ෂණික කමිටුව හරහා ප්‍රකාශයට පත් කරනතෙක් අනවශ්‍ය කලබලයකින් තොරව මේ පිළිබඳ අවදානයෙන් සිටින ලෙසයි එම සංගමය
ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

පසුගිය පළමු වනදා ඩුබායි සිට පැමිණි වයස අවුරුදු 20ක තරුණයෙකු වඳුරු උණ රෝගියෙකු ලෙස හඳුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය සඳහන් කළා.

මේ අතර, එම ආසාදිතයා ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච්. රෝහල වෙත යොමු කිරීමටයි පියවර ගෙන තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොට්ටහච්චිට යකෙක් ඇවිත් වද මලක් දෙයි..අනේ.."Thank you" කිව්වම මට මොකක්දෝ වෙනවා
00:49
Video thumbnail
සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
06:19
Video thumbnail
නැට්ටුක්කාරියන්ගේ කොටසාය දැකලා ක්‍රිකට් කොල්ලෝ පිස්සු කෙ#ලියා
02:24
Video thumbnail
ජෙනරාල් සලේව අල්ලගෙන නටන රූකඩ නාඩගම හෙළා දකිනවා - හිටපු නියෝජ්‍ය .කතානායක අජිත්ගෙන් දැඩි ප්‍රකාශයක්
02:58
Video thumbnail
දයාසිරි ශ්‍රීලනිපයේ කරන්න යන වැඩේ - දැඩි තීන්දුවක් ගනී
11:22
Video thumbnail
එයා සාම දූතයනේ - විමල් වීරවංශගෙන් සැර හින්ට් එකක්
05:33
Video thumbnail
පෙර පාසල් ගුරුවරුන්ගේ ඩාන්ස් බලන්න ගිය කොට්ටහච්චි..අමුතු හිනාවකුත් දාලා අත්පුඩි ග#න හැටි
01:37
Video thumbnail
සලේ අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව මැදිහත් වුණේ නෑ
06:46
Video thumbnail
ලංකාව මැච් ෆික්සින් කරලා..? ආන්දෝලනාතමක් හෙළිදරව්වක්
10:01
Video thumbnail
විමල්ට නහුතෙටම තදවෙයි..ජනපති අනුර ජොගින් යන්නේ සලේ නිසා
08:26


?