AFC Banner
Empty Ad
Empty Ad

අධි අවධානම් කලාප ලෙස නම් කරමින් කොරෝනා සිතියම රතු වුණු හැටි

වසංගත රෝග විද්‍යා අංශය අද කොරෝනා රෝගීන් ව්‍යාප්ත වී ඇති ආකාරය දැක්වෙන සිතියම සංශෝධනයට ලක් කළ අතර, එමගින් දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ බොහොමයක් රතු පැහැයෙන් වර්ණ ගන්වා ඇත්තේ අධි අවධානම් කාණ්ඩයට ඇතුළත් කරමින්.

මෙලෙස රතු පැහැ ගන්වා ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලින් ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වී තිබෙනවා.

අවධානම් අඩු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ කොළ පැහැයෙන් වර්ණ ගන්වා ඇති අතර, එම පැහැයෙන් යුත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ ගණන 25කට ආසන්නයි.

එකඳු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොමැති ප්‍රදේශ කහ පැහැයෙන් වර්ණ ගන්වා ඇති අතර, මාන්තෙයි උතුර සහ වැලිඔය එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?