අධිවේගී සේවකයන් වර්ජනයක (වීඩියෝ)

අධිවේගී මාර්ගවල රාජකාරියේ නිරත සේවකයන් සිය සේවාවලින් ඉවත් වී වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

ලෙඩ නිවාඩු වාර්තා කර ඇති මෙම සේවකයන් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ මුදල් අය කර ගැනීමේ සේවාවලින් ඉවත් වී ඇති බවයි අධිවේගී මාර්ග සේවක සංගමය සඳහන් කළේ.

යුද හමුදාව ඇතුලු ආරක්ෂක අංශ සාමාජිකයන් යොදවා අදාළ සේවා පවත්වාගෙන යාමට මාර්ග සංවර්ධන අධිකාරිය සහ අධිවේගී මාර්ග මෙහෙයුම් කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කරන නිලධාරීන් 11000ක් පමණ මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එක්වන බවයි අධිවේගී මාර්ග සේවක සංගමය ප්‍රකාශ කළේ.

රැකියා සුරක්ෂිතතාව ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම සේවයෙන් ඉවත් වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයට එළඹ තිබෙනවා.

මේ අනුව අධිවේගී මාර්ගවලට ඇතුළු වන රියදුරන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ පිටවන රියදුරන්ගෙන් මුදල් අයකිරීම තාවකාලිකව නතර වී ඇතැයි සඳහන්.

මේ තත්ත්වය මත අධිවේගී මාර්ග පිවිසුම්වල ආරක්ෂාව සඳහා මේ වන විට යුද හමුදාව කැඳවා ඇති අතර අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය නිලධාරීන්ද ඔවුන්ට සහය ලබා දෙමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?