අධිවේගී සේවකයන් වර්ජනයක (වීඩියෝ)

අධිවේගී මාර්ගවල රාජකාරියේ නිරත සේවකයන් සිය සේවාවලින් ඉවත් වී වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

ලෙඩ නිවාඩු වාර්තා කර ඇති මෙම සේවකයන් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ මුදල් අය කර ගැනීමේ සේවාවලින් ඉවත් වී ඇති බවයි අධිවේගී මාර්ග සේවක සංගමය සඳහන් කළේ.

යුද හමුදාව ඇතුලු ආරක්ෂක අංශ සාමාජිකයන් යොදවා අදාළ සේවා පවත්වාගෙන යාමට මාර්ග සංවර්ධන අධිකාරිය සහ අධිවේගී මාර්ග මෙහෙයුම් කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කරන නිලධාරීන් 11000ක් පමණ මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එක්වන බවයි අධිවේගී මාර්ග සේවක සංගමය ප්‍රකාශ කළේ.

රැකියා සුරක්ෂිතතාව ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම සේවයෙන් ඉවත් වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයට එළඹ තිබෙනවා.

මේ අනුව අධිවේගී මාර්ගවලට ඇතුළු වන රියදුරන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ පිටවන රියදුරන්ගෙන් මුදල් අයකිරීම තාවකාලිකව නතර වී ඇතැයි සඳහන්.

මේ තත්ත්වය මත අධිවේගී මාර්ග පිවිසුම්වල ආරක්ෂාව සඳහා මේ වන විට යුද හමුදාව කැඳවා ඇති අතර අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය නිලධාරීන්ද ඔවුන්ට සහය ලබා දෙමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57
Video thumbnail
අහක බලාගෙන ඉන්න එපා - මුජිබුර් ඇමති එක්ක ගේම ඉල්ලයි
04:04
Video thumbnail
අම්මෝ හිරුණිකා ජනපතිට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
17:48