AFC Banner
AFC Banner
Empty Ad

අධිවේගී මාර්ගවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම යුද හමුදාපතිගේ අධීක්ෂණයට (ඡායාරූප)

අධිවේගී මාර්ගවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කටයුතුවල නිරත භට පිරිස්වල රාජකාරි කටයුුතු යුද හමුදාධිපති විකුම් ලියනගේ මහතා නිරීක්ෂණය කර තිබෙනවා.

අධිවේගී මාර්ගවල ප්‍රවේශපත්‍ර නිකුත් කරන සේවකයන් අද (22) ක්‍රියාත්මක කරන වැඩවර්ජනය හේතුවෙන් අධිවේගී මාර්ග භාවිතා කරන ජනතාවට සිදුවන අපහසුතාවන් වැළැක්වීම සඳහායි යුද හමුදා භට පිරිස් යොදවා ඇත්තේ.

කොට්ටාව සිට මාගම්පුර දක්වා වූ E- 1 අධිවේගී මාර්ගයේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඇතුළු කටයුතු සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය – බටහිර යටතේ සේවයේ නියුතු නිලධාරීන් 31 දෙනෙකු සහ සෙසු නිලයින් 233ක් යොදවා තිබෙනවා.

ඔවුන් එම කටයුතුවල නිරතවන ආකාරය නිරීක්ෂණය කිරීමට යුද හමුදාධිපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා කොට්ටාව අධිවේගී පිවිසුම අසළ නීරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
7
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?