AFC Banner
AFC Banner
Empty Ad

අධික හිම පතනයෙන් සංචාරකයින් 16 දෙනෙකු ජිවිතක්ෂයට

පකිස්ථානයේ, උතුරු Murree ප්‍රදේශයට ඇද හැළුණු අධික හිම පතනය හේතුවෙන් වාහන තුල සිරවීමෙන් සංචාරකයින් 16 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටිනවා.

වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෂෙයික් රෂීඩ් අහමඩ් පැවසුවේ, Murree ප්‍රදේශයේ සිට ආපසු එන අතරමගදී වාහන දහස් ගණනක් අධික හිමපතනයට හසුවීමෙන් සිරවී ඇති බවයි.

මේ හේතුවෙන් අධික හිමපතනයට ගොදුරු වූ සංචාරකයින් 16 දෙනෙකු මේ වන විට අධික ශීත කාලගුණය හේතුවෙන් මිය ගොස් ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

බොහෝ වාහන සම්පූර්ණයෙන්ම හිම යට වැළලී ඇති බවත් මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි පාකිස්ථාන බලධාරීන් සඳහන් කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?