අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් පොලිසිය විනාශ කරයි

දකුණු ඔස්ට්‍රේලියානු මාර්ගවල නියමිත වේග සීමාව ඉක්මවා අධික වේගයකින් ගමන් කළ Holden Ute මෝටර් රථයක් එකක් පොලිසිය විසින් විනාශ කර දමා තිබෙනවා.

ඩොලර් 20,000ක් වටිනා මෙම වාහනය ජනවාරි මාසයේදී වෝටර්ලූ කෝනර්හි දී පැයට කිලෝමීටර් 253 ක වේගයෙන් ධාවනය වීම හේතුවෙනුයි පොලිස් භාරයට ගෙන ඇත්තේ.

මෙම අධිවේගී ධාවනය පිළිගත නොහැකි අතර මෙය දකුණු ඕස්ට්‍රේලියානු මාර්ගවල අනාවරණය කරගත් ඉහළම වේගයක් බවයි පොලිස් ප්‍රධානීන් සඳහන් කළේ.

මෙම මෝටර් රථය විනාශ කර දැමීම හේතුවෙන් එවැනි අනාරක්ෂිත අධිවේගී ගමන් නතරවන අතර තවත් පුද්ගලයන් මෙවැනි හැසිරීම්වල නිරතවන්නේ නම් ඔවුන්ට ද තම මෝටර් රථ අහිමි වන බවට අනතුරු ඇගවීමක් ද වන බව ඔස්ට්‍රේලියා පොලිසිය අවධාරණය කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ එවැනි අධික වේගයෙන් රිය පැදවීම රියදුරුට සහ අනෙකුත් පුද්ගලයන්ට ව්‍යසනකාරී සිදුවීමක් විය හැකි බවයි.

මෙම මෝටර් රථය පුගලයෙකුගේ හෝ වෙනත් දෙයක් සමඟ ගැටුනේ නම්, එය තවත් විශාල පිරිසකට ව්‍යසනයක් වනු ඇති බවයි පොලිසියේ මතය වන්නේ.

අධික වේගයෙන් ධාවනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෝටර් රථයෙන් කිසිවකුට අනතුරක් සිදු නොවූවත්, දකුණු ඕස්ට්‍රේලියානු මාර්ගවල සිදුවූ මාරක අනතුරුවලින් තුනෙන් එකකට වඩා අධික වේගය හේතු වී ඇති බව සඳහන්.

දකුණු ඕස්ට්‍රේලියානු නීතියට අනුව, ඇතැම් වැරදි සිදු කරන රියදුරන්ට තම මෝටර් රථ විනාශ කර දැමීමට හෝ විකිණීමට හැකියාව පවතිනවා.

ඇතැම් අත්අඩංගුවට ගත් මෝටර් රථ වෙන්දේසියේ විකුණනු ලබන අතර, එහි අදායම අපරාධ වන්දි අරමුදල වෙත යොමු කෙරෙනවා.

එමෙන්ම හෝල්ඩන් යූට් වැනි මාර්ගයට නුසුදුසු හෝ දෝෂ සහිත ලෙසට සැලකෙන වාහන විනාශ කිරීමයි සිදු වන්නේ.

පොලිස් අමාත්‍ය ජෝ සකාක්ස් පැවසුවේ පසුගිය වසරේ පුද්ගලයන් 1,500 කට සදහටම ඔවුන්ගේ වාහනය අහිමි වූ බවයි.

එම මෝටර් රථවලින් තුනෙන් දෙකක් පමණ විනාශ කර තිබෙනවා.

වාහනවලින් තුනෙන් එකක් පමණ වන උපරිම වටිනාකමක් ලබා ගත හැකි වාහන අලෙවි කරන අතර එම සියලු මුදල් ආයෝජනය කරනු ලබන්නේ අපරාධවලට ගොදුරු වූවන්ට උපකාර කිරීම සඳහායි.

පොලිස් අමාත්‍යවරයා පැවසුවේ, අධික වේගයෙන් රිය පැදවීම ඉලක්ක කර ගනිමින් මෑත කාලීන නීති වෙනස් කිරීමක් යටතේ සිරගත කළ පළමු පුද්ගලයා Holden Ute හිමිකරු බවට තමා විශ්වාස කරන බවයි.

මේ වන විට 20 හැවිරිදි වියේ පසුවන රියැදුරුට අවස්ථා කිහිපයකදී සිදු කරන ලද වැරදි මාලාවක් සම්බන්ධයෙන් ජූලි මාසයේදී මාස හතක සිර දඬුවමක් ද නියම වූ අතර නිදහස් වූ පසු රිය පැදවීමට ද නුසුදුස්සකු වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
3
+1
1
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?