අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් පොලිසිය විනාශ කරයි

දකුණු ඔස්ට්‍රේලියානු මාර්ගවල නියමිත වේග සීමාව ඉක්මවා අධික වේගයකින් ගමන් කළ Holden Ute මෝටර් රථයක් එකක් පොලිසිය විසින් විනාශ කර දමා තිබෙනවා.

ඩොලර් 20,000ක් වටිනා මෙම වාහනය ජනවාරි මාසයේදී වෝටර්ලූ කෝනර්හි දී පැයට කිලෝමීටර් 253 ක වේගයෙන් ධාවනය වීම හේතුවෙනුයි පොලිස් භාරයට ගෙන ඇත්තේ.

මෙම අධිවේගී ධාවනය පිළිගත නොහැකි අතර මෙය දකුණු ඕස්ට්‍රේලියානු මාර්ගවල අනාවරණය කරගත් ඉහළම වේගයක් බවයි පොලිස් ප්‍රධානීන් සඳහන් කළේ.

මෙම මෝටර් රථය විනාශ කර දැමීම හේතුවෙන් එවැනි අනාරක්ෂිත අධිවේගී ගමන් නතරවන අතර තවත් පුද්ගලයන් මෙවැනි හැසිරීම්වල නිරතවන්නේ නම් ඔවුන්ට ද තම මෝටර් රථ අහිමි වන බවට අනතුරු ඇගවීමක් ද වන බව ඔස්ට්‍රේලියා පොලිසිය අවධාරණය කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ එවැනි අධික වේගයෙන් රිය පැදවීම රියදුරුට සහ අනෙකුත් පුද්ගලයන්ට ව්‍යසනකාරී සිදුවීමක් විය හැකි බවයි.

මෙම මෝටර් රථය පුගලයෙකුගේ හෝ වෙනත් දෙයක් සමඟ ගැටුනේ නම්, එය තවත් විශාල පිරිසකට ව්‍යසනයක් වනු ඇති බවයි පොලිසියේ මතය වන්නේ.

අධික වේගයෙන් ධාවනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෝටර් රථයෙන් කිසිවකුට අනතුරක් සිදු නොවූවත්, දකුණු ඕස්ට්‍රේලියානු මාර්ගවල සිදුවූ මාරක අනතුරුවලින් තුනෙන් එකකට වඩා අධික වේගය හේතු වී ඇති බව සඳහන්.

දකුණු ඕස්ට්‍රේලියානු නීතියට අනුව, ඇතැම් වැරදි සිදු කරන රියදුරන්ට තම මෝටර් රථ විනාශ කර දැමීමට හෝ විකිණීමට හැකියාව පවතිනවා.

ඇතැම් අත්අඩංගුවට ගත් මෝටර් රථ වෙන්දේසියේ විකුණනු ලබන අතර, එහි අදායම අපරාධ වන්දි අරමුදල වෙත යොමු කෙරෙනවා.

එමෙන්ම හෝල්ඩන් යූට් වැනි මාර්ගයට නුසුදුසු හෝ දෝෂ සහිත ලෙසට සැලකෙන වාහන විනාශ කිරීමයි සිදු වන්නේ.

පොලිස් අමාත්‍ය ජෝ සකාක්ස් පැවසුවේ පසුගිය වසරේ පුද්ගලයන් 1,500 කට සදහටම ඔවුන්ගේ වාහනය අහිමි වූ බවයි.

එම මෝටර් රථවලින් තුනෙන් දෙකක් පමණ විනාශ කර තිබෙනවා.

වාහනවලින් තුනෙන් එකක් පමණ වන උපරිම වටිනාකමක් ලබා ගත හැකි වාහන අලෙවි කරන අතර එම සියලු මුදල් ආයෝජනය කරනු ලබන්නේ අපරාධවලට ගොදුරු වූවන්ට උපකාර කිරීම සඳහායි.

පොලිස් අමාත්‍යවරයා පැවසුවේ, අධික වේගයෙන් රිය පැදවීම ඉලක්ක කර ගනිමින් මෑත කාලීන නීති වෙනස් කිරීමක් යටතේ සිරගත කළ පළමු පුද්ගලයා Holden Ute හිමිකරු බවට තමා විශ්වාස කරන බවයි.

මේ වන විට 20 හැවිරිදි වියේ පසුවන රියැදුරුට අවස්ථා කිහිපයකදී සිදු කරන ලද වැරදි මාලාවක් සම්බන්ධයෙන් ජූලි මාසයේදී මාස හතක සිර දඬුවමක් ද නියම වූ අතර නිදහස් වූ පසු රිය පැදවීමට ද නුසුදුස්සකු වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39