අධික උණුසුමෙන් යුරෝපය රත්වෙයි – ඉතාලියේ නගර 15කට රතු නිවේදන

දකුණු දිග යුරෝපයට බලපා ඇති දැඩි උණුසුම් සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉතාලිය පුරා නගර 15කට රතු අනතුරු ඇඟවීම් නිවේදන නිකුත්කර තිබෙනවා.

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය පවසන්නේ ඉතාලිය, ස්පාඤ්ඤය, ප්‍රංශය, ජර්මනිය සහ පෝලන්තය මෙම ආන්තික තත්ත්වයන් දැකිය හැකි බවයි.

යුරෝපයේ මෙතෙක් වාර්තා වූ උණුසුම්ම උෂ්ණත්වය 2021 අගෝස්තු මාසයේ දී සිසිලියෙන් වාර්තා වූ අතර, එය දැක්වුණේ සෙල්සියස් අංශක 48.8ක් ලෙසටයි.

මෙම සතියේ ද එවැනිම මට්ටම් කරා යුරෝපයේ උෂ්ණත්වය ළඟා විය හැකි බවයි අනාවැකි පළකරන්නේ.

මේ අතර ඉතාලි රජය අද රතු නිවේදන නිකුත් කළ ප්‍රදේශවල පුද්ගලයින්ට දැනුම් දුන්නේ පෙරවරු 11:00 සහ පස්වරු 6.00 අතර කාලය තුළ හිරු එළියට නිරාවරණය වීමෙන් හැකිතාක් වැළකී සිටින ලෙසටයි.

මේ පිළිබඳව වැඩිහිටියන් සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් විශේෂයෙන් සැලකිලිමත් වන ලෙසත් උපදෙස් දී තිබෙනවා.

අධික උෂ්ණත්වය යුරෝපයේ මධ්‍යම ප්‍රදේශවලට ද ළඟා වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
5
+1
9
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15