අධිකරණ නියෝගය ගැන ක්‍රීඩා ඇමතිගෙන් පාර්ලිමේන්තුවේදී දැඩි ප්‍රකාශයක් (වීඩියෝ)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා පත්කළ අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් යුත් අතුරු කමිටුවට අදාළ ගැසට් පත්‍රය අත්හිටුවමින් ඊයේ ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

අදාළ අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ එක් මතයක් පමණක් සලකා බලමින් මෙම තීන්දුව ලබාදී ඇති බවයි.

අමාත්‍යාංශයට සහය නොදැක්වීම මෙන්ම දූෂිත ක්‍රිකට් නිලධාරීන් ආරක්‍ෂා කරන ආකාරයෙන් කටයුතු කරන බවට ද ක්‍රීඩා ඇමැතිවරයා නීතිපතිවරයාට චෝදනා කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම සමීපතමයන් විසින් නොමඟ යවා ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා අවධාරණය කළේ රොෂාන් රණසිංහ ද එසේත් නැති නම් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ද යන්න තෝරා ගත යුතු බවයි.

ශ්‍රී ලංකාවේ දූෂිත නිලධාරීන් ගෙදර යැවීම සඳහා පාර්ලිමේන්තුව හෙටම යෝජනාවක් සම්මත කළ යුතු බව එම සාකච්ඡාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යෝජනා කළා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් සාමූහික තීරණයක් ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ එකඟතාව මත විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට ද නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07