ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා පත්කළ අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් යුත් අතුරු කමිටුවට අදාළ ගැසට් පත්‍රය අත්හිටුවමින් ඊයේ ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
අදාළ අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ එක් මතයක් පමණක් සලකා බලමින් මෙම තීන්දුව ලබාදී ඇති බවයි.
අමාත්‍යාංශයට සහය නොදැක්වීම මෙන්ම දූෂිත ක්‍රිකට් නිලධාරීන් ආරක්‍ෂා කරන ආකාරයෙන් කටයුතු කරන බවට ද ක්‍රීඩා ඇමැතිවරයා නීතිපතිවරයාට චෝදනා කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම සමීපතමයන් විසින් නොමඟ යවා ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා අවධාරණය කළේ රොෂාන් රණසිංහ ද එසේත් නැති නම් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ද යන්න තෝරා ගත යුතු බවයි.
ශ්‍රී ලංකාවේ දූෂිත නිලධාරීන් ගෙදර යැවීම සඳහා පාර්ලිමේන්තුව හෙටම යෝජනාවක් සම්මත කළ යුතු බව එම සාකච්ඡාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යෝජනා කළා.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් සාමූහික තීරණයක් ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ එකඟතාව මත විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට ද නියමිතයි.














KARUNU HARIYARA NOSOYA NOBALA GARU ADHIKARANAYA TA APAHASA KARANNA EPA. APE RATEYI NEETHIYA RAKINA EKAMA AYATHANAYA. POLICIYA NAM BALU, UN RAKINNE PARA DESHAPALU HATHTHA. UNTA LIGHT TELEPHONE, WATHURA BILL, KANNA BONNA DENA DEWALNIKAM ANDUWEN DENAWA WAGEYI PAGENA JANATHAWA PARATA BASSAMA GAHANNE. GARU USAWIYA BALANNE MUN CHANDEN PATH UNA NISA EKA EKA NEETHIYAK. ANITH EKA GARU AMATHI PANATHA ANUWA KALA PATH KIREMA EKATH NEETHYANUKULAYI. DAN EKA PARATAMA MEKA GENA THEENDU DENNA BAHA NE. ETHUMN LA TA THAWA KARUNU SAKSHI ONA, AG GE VIGANANA WARTHAWA KIYAWANNA ONA, EYAWA GENWANNA ONA. ITA PASSE NADU WARA DEKAKIN MEKATA SADHARANA NEETHYANUKULA THEENDUWAK DEYI. EKEN MUN ELAWALA AMATHI E KAMITUWATA IDA DEYI.